විදුලිබල මණ්ඩලයේ තත්ත්ව පාලක ඝාතන නඩුවේ විත්තිකාර අඹු සැමියන්ට මරණ දඬුවම

  👤  2682 readers have read this article !
By mawbima 2019-02-12

පනාගොඩ - චම්පා ජීවන්ති

ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන තත්ත්ව පාලන නිලධාරිවරයකුව සිටි ආචාර්ය ඩබ්ලිව්. අමරසිරි නැමැත්තාගේ ගෙල කපා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වසර 30කට ආසන්න කාලයක් විභාග වූ නඩුවක චූදිතයන් දෙදෙනකුට හෝමාගම මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා මරණ දඬුවම නියම කළේය.

මෙලෙස මරණ දඬුවම නියම වූයේ විදුලි බල මණ්ඩලයේම ලඝු ලේඛිකාවක ලෙස සේවය කළ අඹතලාව විදානේලාගේ කමනි චම්පිකා සුමනසේකර සහ ඇයගේ ස්වාමි පුරුෂයා බව කියන කොළඹගේ සරත්චන්ද්‍ර සුමනසේකර නමැති විත්තිකරුවන් දෙදෙනාටය.

1989 ජනවාරි 04 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී ආචාර්ය වඩුආරච්චිගේ අමරසිරි මහතා කැලණියේ සිට අපරාධය සිදුවූ ස්ථානයට කැඳවා ගෙන විත් ඔහුගේ අත් පා බැඳ හිසට මොට ආයුධයක් වැනි යමකින් පහරදී තුවාල කර ගෙල කපා දමා තිබූ බවත් ඝාතනයට ලක් වූ අයගේ සිරුරේ 23 පලක තුවාල තිබූ බවත් එකල සිදුකළ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේදී අනාවරණය වූ බවද අධිකරණයට වාර්තා කර තිබිණි.

මේ සම්බන්ධයෙන් අධිකරණ ත්‍රිත්වයක වසර 30කට ආසන්න කාලයක් නඩුව විභාග කර තිබුණු අතර විත්තිකරුවන් දෙදෙනා නොමැතිව මෙම නඩුව විභාගයට ගැනීමට කටයුතු කළ මහාධිකරණ විනිසුරුවරයා අදාළ තීන්දුව ලබාදීමෙන් පසු වහාම විත්තිකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලෙසත් ඒ සඳහා විවෘත වරෙන්තුවක් නිකුත් කිරීමටත් පියවර ගත් අතර ආගමන විගමන පාලක නුගේගොඩ කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයා යටතේ අදාළ චූදිතයන් අත්අඩංගුවට ගෙන වහාම දඬුවම් ක්‍රියාත්මක කරන ලෙසත් නියෝග කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon