වේගවත් සංවර්ධනයක් ඇතිකර ඉදිරි වසර දහයේදී විදේශ ණය සම්පූර්ණයෙන් ගෙවා දමනවා
තවත් වසර දහයකින් විදේශීය රටවලට ගෙවීමට තිබෙන සියලුම ණය ගෙවා දැමීමේ ඉලක්කය ජය ගැනීම සඳහා මෙම වසරේ සිට ශීඝ්‍ර අපනයන ආර්ථිකයක් ඇති කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවැසීය. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ කුරුණෑගල වැව් මංතීරුව විවෘත කිරීමෙන් අනතුරුව පැවැති ජනහමුවට එක්වෙමිනි.
එහිදී අග්‍රාමත්‍යවරයා මෙසේද පැවැසීය.
චම්පික රණවක ඇමැතිතුමා මහනගර සංකල්පය දියුණු කිරීම මෙන්ම මේ නගර දියුණු කිරීම සඳහා විශාල ලෙස උනන්දුවක් දක්වනවා.
අද නගර ගණනාවක් අලංකාර වී ඇත්තේ සැලැසුමක් ඇතිව එතුමා එය දියුණු කළ නිසායි.
චම්පික රණවක ඇමැතිතුමා මා වෙත කරුණු දෙකක් පිළිබඳ දැනුම් දුන්නා. ඉන් එකක් නම් අපි ණය බරින් සිටින රටක්. මේ ණය උපරිම ලෙස ලබාගෙන තිබෙනවා. 2013-2014 වර්ෂවලදී විශාල වශයෙන් අර්බුදයකට මුහුණ පා සිටියා. 2015 වර්ෂයේ අපි ආණ්ඩුව භාර ගැනීමෙන් පසු මෙම ණය අර්බුදය විසඳීමේ කටයුතු අපි ආරම්භ කළා. අපි ණය ගෙවීම පැහැර හැරියා නම් මේ රට බංකොලොත් රටක් බවට පත්වෙනවා. ග්‍රීසිය වැනි රටවල මෙවැනි තත්ත්වයක් පැවැති අවස්ථාවලදී 40%කින් වැටුප් ගෙවීම් අඩු කළා. රෝහල්වල ඔෟෂධ නොමැතිව මිනිසුන් ජීවිතක්ෂයට පත් වුණා.
පාසල්වල ගුරුවරුන් නොසිටීමෙන් දරුවන් ඇතුළත් කිරීමට නොහැකි වුණා. නමුත් අපි ඒ කිසිවක් සිදු කෙළේ නැහැ. අපි මේ රටේ ණය ගෙවීම් සිදුකරන අතරතුර වැටුප් වැඩිකිරීමද සිදු කළා. හෘද රෝගීන් සඳහා ස්ටෙන්ට් නොමිලේ දීම සිදු කළා. පාසල් අතරින් ළඟම පාසල හොඳම පාසල බවට පත්කළා. කිසිම අඩුවක් සිදු කළේ නැහැ. ණය බර මේ වන විටත් අපි ටිකෙන් ටික අඩු කිරීමට කටයුතු කරමින් සිටිනවා. මේ ශීඝ්‍ර සංවර්ධනය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීම අප සිදු කළ යුතුව තිබෙනවා. ඒ යටිතල පහසුකම් ලබාදීමට අප විසින් හඳුනාගත් එක ප්‍රදේශයක් ලෙස වයඹ ප්‍රදේශය නම් කර ඇති බව මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. දැනටමත් ඒ පිළිබඳ සියලු සැලැසුම් සකස් කරමින් පවතිනවා. මධ්‍යම අධිවේගී මාර්ග ඉදිකිරීමෙන් මේ ප්‍රදේශයේ සම්පූර්ණ දියුණුවක් ඉදිරියේදී අපට දැකගත හැකි වෙනවා. කුරුණෑගල ප්‍රධාන නගරයක් බවට පත්වෙනවා.
අපේ රටේ දැන් මුදල් ඉපයිය යුතුව තිබෙනවා. විශාල ලෙස ආයෝජන ලබාගත යුතුව තිබෙනවා. රුපියල්වලින් නොව ඩොලර්වලින්. අපි ඒ වැඩකටයුතු කිරීමෙන් ඊළඟ පරපුරට හොඳ අනාගතයක් ලබාදීමට හැකියාව ලැබෙනවා. මේ වසර 5 තුළ අපි සිදු කළේ ආර්ථිකය ස්ථාවර කිරීම, ණය ගෙවීමට ශක්තියක් ඇති කර ගැනීම, ජී.එස්.පී. ප්ලස් සහනය නැවත ආපසු ලබාගැනීම ආදියයි. ඒ වගේම අපි දැන් අලුතින් සිතා අපි ලබාගත් මුදල් පියවීමට උපයන මාර්ග සඳහා යා යුතුව තිබෙනවා. ඒ සඳහා අඩිතාලම මේ වන විටත් අපි දමා තිබෙනවා. ඒ කාර්යය ටිකක් අපහසුයි. අපි ගංවතුර තර්ජනයට මුහුණ දුන්නා. නියඟයට මුහුණ දුන්නා. අපිට නොයෙක් ප්‍රශ්න මතු වූ නමුත් ඒ සියල්ල අභිභවා අපි ඉදිරියට යනවා.
අද මව්බිමෙන්
- ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට උතුරේ වැසියන්ගෙන් ලක්ෂයක පෙත්සමක් 🕔2019-02-19
- ඇතුල්කෝට්ටේ ශ්‍රී මහින්දාරාම විහාරයේ නව තෙමහල් ගොඩනැඟිල්ල සඟසතු කර පූජා කෙරේ 🕔2019-02-19
- මම සිරිකොත ඉදිරිපිට මාරාන්තික උපවාසයක් කරනවා 🕔2019-02-19
- දඹුල්ලෙන් ගුවන් ගත කළ බැලුනයක් ගල්කිරියාගම වගා බිමකට ගොඩබස්වයි 🕔2019-02-19
- 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ මූලික අරමුණ රාජපක්ෂවරුන් දේශපාලනයෙන් ඉවත් කිරීමයි 🕔2019-02-19
- එජනිස පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම් දෙකක් හෙට සහ අනිද්දා 🕔2019-02-19
- ජර්මනියේ සිට මත්ද්‍රව්‍ය පාර්සලයක් තැපෑලෙන් එවලා 🕔2019-02-19
- සිංහරාජයෙන් පන්නන්න හැදූ සතුන්ගේ සිරුරු සංඛ්‍යාව 1173ක් 🕔2019-02-19
- අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු සොයා බලන ඥාතීන්ගේ සංගමය යාපනයේ එ.ජා. සංවිධානයට පෙත්සමක් භාර දෙයි 🕔2019-02-19
- ටෙන්ඩර් ක්රමයේ විනිවිදභාවයක් නෑ ශ්‍රී ලංකාව ආයෝජනයට නුසුදුසුයි 🕔2019-02-19
- රනිල් - මෛත්‍රි කඹ ඇදිල්ලෙන් වී මෝල් හිමියන්ට මිලියන 1000ක සහන ණය මුදල අහිමි වෙයි 🕔2019-02-19
- අලුගෝසු තනතුරට අයැදුම් කරන්න අධ්‍යාපන සුදුසුකම් මදි 🕔2019-02-19
- සුරක්ෂා රක්ෂණ ප්රතිලාභ හිමිවීම් කොට උඩ 🕔2019-02-19
- රනිල් ප්රමුඛ එජාපය ඡන්ද කල්දාන්නේ සල්ලි හොරකම් කරන න්‍යාය පත්‍රය නිසයි 🕔2019-02-19
- රණවිරු දඩයම නවතා දමන්න 🕔2019-02-19
- ආයෝජන මෙරටට ගෙන ඒමට රජය විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා 🕔2019-02-19
- අපනයන ගම්මාන 5000 ව්‍යාපෘතිය යටතේ ගම්මාන 250ක් 🕔2019-02-19
- ඇමැති රන්ජන්ගේ ප්‍රකාශය ගැන විධිමත් පරීක්ෂණයක් කරන්න 🕔2019-02-19
- ස්වාභාවික ද්‍රවකෘත වායු ටෙන්ඩරය ලක්දනවි සමාගමෙන් ගිලිහුණේ් අඩුලුහුඬුකම් නිසයි 🕔2019-02-19
- රුපියල් මිලියන 12,000ක් වෙන් වෙයි 🕔2019-02-19