සියලු ආගම්වලට එක අමාත්‍යාංශයක් පිහිටුවිය යුතුයි
ආගම් අදහන අයගේ ප්‍රතිශතය අනුව මුදල් බෙදන්න ප්‍රතිපත්තියක් හදනවා නම් ආගම්වලට ගහගැනීම නතර කරන්න පුළුවන් යැයි ශ්‍රී ලංකාවේ සිටින ප්‍රමුඛතම ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා මහතා පැවැසීය.
ඔහු එම අදහස් පළ කළේ ශ්‍රී ලංකාවට ගැළපෙන ප්‍රතිපත්ති සම්පාදනයෙහිලා පැවැති විද්වත් හමුවකදීය. බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී පසුගියදා (7දා) එම හමුව පැවැත්විණි. ජාතික විද්වත් සංවිධානය විසින් එම කතිකාව සංවිධානය කොට තිබිණි.
එහිදී ධම්මික පෙරේරා මහතා මෙසේද පැවැසීය.
වසර 70ක් තිස්සේ අපට පුළුවන් වී තිබෙන්නේ ඩොලර් 4000ක ඒක පුද්ගල ආදායමක් ලැබීමට වුවත් ඒක ඩොලර් 12,640කට ගේන්නෙ කොහොමද කියන කාරණය හැමෝම බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ සංවර්ධිත රටක් අපේක්ෂාවයි.
රටේ ප්‍රතිපත්තියක් හදනවා නම් ඒක වසර 5ක් තුළ ක්‍රියාවට නංවන්න වෙන්නේ. ඒ කියන්නේ වැඩ කරන පැය 10,400යි ඊට තියෙන්නේ. මෙහිදී අපි වෙනත් රටවල් සාර්ථක වූ ක්‍රමවේද පිළිබඳවත් බැලිය යුතුයි.
අපේ රටේ ඇමැති මණ්ඩලයේ සංඛ්‍යාව පිළිබඳ කතාබහක් තියෙනවා. තායිලන්තයේ ඇමැති තනතුරු 20යි. මැලේසියාවේ 26යි. කැනඩාවේ 36යි. අපිත් අමාත්‍ය ධුර සංඛ්‍යාව හා විෂයයන් ව්‍යවස්ථාවට ඇතුළු කරගන්න ඕන ඒවා වෙනස් කරන්න බැරි විදියට.
ඒ වගේම රාජ්‍ය ආයතනවල උසස් තනතුරු යහළුවන්ට දෙනවද, නෑදෑයන්ට දෙනවද, වෘත්තිකයන්ට දෙනවද කියලා බලන්න ඕන. මෙතැන සිටින අය කියන්නේ වෘත්තිකයන්ට දෙන්නයි. රටේම තත්ත්වය ඒකයි. තමන්ගේ භාෂාවෙන් පොලිසියට ගියාම කතා කරන්න බැහැ කියලා උතුරට ආවේණික ප්‍රශ්නයක් තියෙනවා. උතුරේ තියෙන්නේ පොලිස් ස්ථාන 56යි. මේ එක් ස්ථානයකට නිලධාරීන් 5 ගණනේ බඳවා ගෙන යතුරුපැදි 5 බැගින් දුන්නොත් ගෙදරට ගිහිල්ලාම පැමිණිල්ල ලියාගන්න පුළුවන්. එතකොට ඒ ආවේණික ප්රශ්නය ඉවරයි. එම ප්‍රදේශයේ ගෑනු අය ඔළුවෙ මල් ගහගෙන යන නිසා හෙල්මට් දමන්න අමාරුයි. ඉන්දියාව වගේ රටවල යතුරුපැදියේ වේගය පැයට කි.මී.30ට අඩු කරලා එවැනි ප්‍රශ්නවලට පිළිතුරු දී තිබෙනවා. ආවේණික ප්‍රශ්න එහෙම විසඳන්න පුළුවනි.
ආගම් සම්බන්ධ ගැටලුවට විසඳුම් දෙන්න පුළුවන්. බුද්ධාගමේ අය 70%ක් ඉන්නවා. හින්දු 12.6ක්, ඉස්ලාම් 9.7ක් කියලා දන්නවා. මේ සඳහා එක් අමාත්‍යාංශයක් පත් කරලා දැනට දෙනවා වගේ දෙගුණයක් හරි සල්ලි දීලා ප්‍රතිශතය අනුව බෙදුවා නම් මේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ.
ලෝකයේ හැම දියුණු රටක්ම දියුණු වුණේ අධ්‍යාපනය දියුණු කරලයි. හය වැනි සියවසේ අභයාරාම විශ්වවිද්‍යාලය තිබුණා. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය හැදුවෙ හත්වැනි සියවසේදී. හැබැයි අපේ රටේ අධ්‍යාපනය අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට හැකි වෙලා නැහැ.
අපේ රටේ 1814දී පාසල් පටන් ගත්තා. ඉගෙන ගන්නේ නැතිව රට දියුණු කරන්න බැහැ.
නිදහස් අධ්‍යාපනය කියන්නේ දුප්පත්කම ඉගෙනීමට බාධාවක් නොවිය යුතු බවයි. ඉගෙන ගන්නේ කොහොමද, කොතැනකද කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. ගස් යට තියලා හෝ ඉගැන්විය යුතු වෙනවා. සිසුන්ගෙන් 50%ක් උපාධිධාරීන් කිරීමට සිසුන්ට රුපියල් මිලියනයක ශිෂ්‍යත්වයක් ලබාදිය යුතුයි.
අද අධ්‍යාපනයට රුපියල් බිලියන 220ක්ද උසස් අමාත්‍යාංශයට මිලියන 50ක්ද වැය කරනවා. ළමයි තුන් ලක්ෂ පනස්දහසක් පාසලට ඇතුළු කරනවා. විශ්වවිද්‍යාලවලින් පිට වෙන්නේ 8%යි. කර්මාන්ත ශාලාවක් නම් විවෘත කළ දවසෙම බංකොලොත් කියලා වසා දමනවා.
අනාගත අභියෝගය ජය ගන්නට නම් ගණිතය අත්‍යවශ්‍යයි. ඒත් ඒ සඳහා ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහනක් මේ රටේ නැහැ.
විද්‍යාව, ගණිතය, වාණිජය හා කලා විෂයයන් උසස් පෙළට තියෙන පාසල් 1080යි. ජාතික පාසල් 350කුත් ඊට අයත්. මේ සියල්ලෙහි ළමයි ඉගෙන ගන්නේ 34,000යි. ඒ කියන්නේ එක පන්තියක ඉන්නේ ළමයි 17ක් විතරයි.
ඒ පාසල්වලට ගණිතය සමත් තවත් ළමයි පිරිසක් ගැනීම මහ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි.
ලංකාවේ සමෘද්ධිලාභී පවුල් ලක්ෂ 14ක් ඉන්නවා. ඔවුන්ගෙන් ළමයි 4කට වඩා ඉන්න පවුල් තියෙන්නේ පන් ලක්ෂ දාහතර දහසයි. ඔවුන් වෙනුවෙන් අධ්‍යාපන වැඩසටහනක් හැදීම හොඳම දෙයක්.
ආර්ථික සංවර්ධනය හා සමාජ සංවර්ධනය එකට ගමන් කළ යුතුයි. රජයේ සේවකයන් සතුටින් නැත්නම් මේක කරන්න බැහැ. ඔවුන්ගේ ස්ථාන මාරු ඉතා මානුෂිකව කළ යුතුව තිබෙනවා. එතකොට තමයි පවුල් රැකිලා ඔවුන් තෘප්තිමත්ව ඉන්නේ.
රැකියා හදන්නෙ කොහොමද කියන ප්‍රශ්නයට අපි විසඳුම් දිය යුතු වෙනවා. 2014දී පැවැති සංඛ්‍යාව 2018 වන විට ලක්ෂ 4කින් අඩු වෙලා. හැබැයි කෘෂිකාර්මික අංශයෙන් තමයි ඒ වෙනස වෙලා තියෙන්නේ. ඒ කියන්නේ 2014ට පස්සේ රැකියා වැඩිවීමක් පෙන්නුම් කරන්නේ නැහැ.
අනාගතයේ ප්‍රතිපත්ති හදනවා නම් ඒ රැකියා හදන ක්ෂේත්‍ර කුමක්ද? කොහොමද? කියන කාරණය ඉදිරිපත් කළ යුතුයි. අවුරුදු 4ට ලංකාවේ ජනගහනය ලක්ෂ 9කින් වැඩි වෙනවා. වසරකදී ජනගහයෙන් 38%ක් රැකියාවක් අපේක්ෂා කරනවා. ඉතින් වසර 4ක් තුළ රැකියා වැඩි නොවීම සැලකිය යුතු ප්‍රශ්නයක්. ප්‍රතිපත්ති සම්පාදනයේදී ඒ ගැන සැලකිලිමත් විය යුතුයි.
ලංකාවට වසරකට පොහොර කන්ටේනර් 35,000ක් ගෙන්වනවා. ඉන්දියාව පොහොර භාවිතය 20%ක් අඩු කළා පසේ රසායනික සංයුතිය ගැන පරීක්ෂණ කරලා. ඒ සඳහා ගොවීන්ට "ඇප්" එකක් හඳුන්වා දී තිබෙනවා. අපේ රටේ පොහොර භාවිතය 20%ක් අඩු කළොත් කන්ටේනර් 7000ක් ආනයනය නතර කළ හැකිය.
ඩී. සැම්සන් සහ පුත්‍ර සමාගමේ සභාපති වෛද්‍ය නන්දසේන රාජපක්ෂ
මේ රටේ දියුණු කළ යුත්තේ දේශීය නිෂ්පාදනයන් සහිත ව්‍යාපාර මිසක් බහුජාතික ව්‍යාපාර නෙවෙයි. නිදහස ලබා වසර 71ක් ගත වෙලත් අපේ වාර්ෂික ඒක පුද්ගල ආදායම ඩොලර් 4000යි. මේ කාලය තුළ ජපානයේ ආදායම, සිංගප්පූරුවේ ආදායම කිහිප ගුණයකින්ම වැඩි වෙලා. මේ සියල්ලටම වගකියන්න ඕන දේශපාලනය කරන අය. ඔවුන්ගේ දුර්වලකම තමයි මේකට හේතුව.
මේ රටට විදේශ විනිමය අවශ්‍යයි. ඒත් විදේශ විනිමය උපයන කර්මාන්ත ශාලා ගැන රජය බුද්ධිමත් විදියට හිතන්නේ නැහැ. රජයේ නිලධාරීන්ටත් මේ ගැන හැඟීමක් නැහැ.
ජෙට්වින් සමාගමේ සභාපති හිරාන් කුරේ
සංචාරක ව්‍යාපාරය 2009න් පසුව ආරක්ෂිත වෙලා. ඒත් හැම එක්කෙනාම හෝටල් හැදීම භයානක දෙයක්.
අපි රට දියුණු කරන්න ඕන සංචාරකයන්ට නෙවෙයි. මේ රට වැසියන්ටයි. වෙන ඕනම රටක දේශීය පුරවැසියන්ට ගුවන් තොටුපොළ් වෙනම පිටවීමේ පර්යන්තයක් තියෙනවා. ඒත් අපේ රටේ අපිට පෝලිමේ ඉන්න වෙනවා.
මේ රටේ කාක්කෝ ලොකුම ප්‍රශ්නයක් වෙලා. ඒ වගේම පාරේ යන සුනඛයොත් රටට ප්‍රශ්නයක්. ප්‍රවාහනයේදී සිදුවන ප්‍රමාදය සංචාරක ව්‍යාපාරයට කොහෙත්ම හිතකර නැහැ. ඒ වගේම අපේ රටේ අය කුණු බැහැර කිරීම ගැන කිසිම විනයකුත් නැහැ.
දෙනගම ධම්මික රණවීර
ඡායාරූප - සජීව චින්තක කහඳගමගේ
අද මව්බිමෙන්
- ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට උතුරේ වැසියන්ගෙන් ලක්ෂයක පෙත්සමක් 🕔2019-02-19
- ඇතුල්කෝට්ටේ ශ්‍රී මහින්දාරාම විහාරයේ නව තෙමහල් ගොඩනැඟිල්ල සඟසතු කර පූජා කෙරේ 🕔2019-02-19
- මම සිරිකොත ඉදිරිපිට මාරාන්තික උපවාසයක් කරනවා 🕔2019-02-19
- දඹුල්ලෙන් ගුවන් ගත කළ බැලුනයක් ගල්කිරියාගම වගා බිමකට ගොඩබස්වයි 🕔2019-02-19
- 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ මූලික අරමුණ රාජපක්ෂවරුන් දේශපාලනයෙන් ඉවත් කිරීමයි 🕔2019-02-19
- එජනිස පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම් දෙකක් හෙට සහ අනිද්දා 🕔2019-02-19
- ජර්මනියේ සිට මත්ද්‍රව්‍ය පාර්සලයක් තැපෑලෙන් එවලා 🕔2019-02-19
- සිංහරාජයෙන් පන්නන්න හැදූ සතුන්ගේ සිරුරු සංඛ්‍යාව 1173ක් 🕔2019-02-19
- අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු සොයා බලන ඥාතීන්ගේ සංගමය යාපනයේ එ.ජා. සංවිධානයට පෙත්සමක් භාර දෙයි 🕔2019-02-19
- ටෙන්ඩර් ක්රමයේ විනිවිදභාවයක් නෑ ශ්‍රී ලංකාව ආයෝජනයට නුසුදුසුයි 🕔2019-02-19
- රනිල් - මෛත්‍රි කඹ ඇදිල්ලෙන් වී මෝල් හිමියන්ට මිලියන 1000ක සහන ණය මුදල අහිමි වෙයි 🕔2019-02-19
- අලුගෝසු තනතුරට අයැදුම් කරන්න අධ්‍යාපන සුදුසුකම් මදි 🕔2019-02-19
- සුරක්ෂා රක්ෂණ ප්රතිලාභ හිමිවීම් කොට උඩ 🕔2019-02-19
- රනිල් ප්රමුඛ එජාපය ඡන්ද කල්දාන්නේ සල්ලි හොරකම් කරන න්‍යාය පත්‍රය නිසයි 🕔2019-02-19
- රණවිරු දඩයම නවතා දමන්න 🕔2019-02-19
- ආයෝජන මෙරටට ගෙන ඒමට රජය විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා 🕔2019-02-19
- අපනයන ගම්මාන 5000 ව්‍යාපෘතිය යටතේ ගම්මාන 250ක් 🕔2019-02-19
- ඇමැති රන්ජන්ගේ ප්‍රකාශය ගැන විධිමත් පරීක්ෂණයක් කරන්න 🕔2019-02-19
- ස්වාභාවික ද්‍රවකෘත වායු ටෙන්ඩරය ලක්දනවි සමාගමෙන් ගිලිහුණේ් අඩුලුහුඬුකම් නිසයි 🕔2019-02-19
- රුපියල් මිලියන 12,000ක් වෙන් වෙයි 🕔2019-02-19