මාළුවා ලාංඡනයෙන් උතුරේ නව දේශපාලන පක්ෂයක් පිහිටුවන්න යයි

  👤  2618 readers have read this article !
By mawbima 2019-02-12

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය යටතේ උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රිවරයකු විසින් නව දෙමළ දේශපාලන පක්ෂයක් වවුනියාවෙන් බිහි කිරීමට අවශ්‍ය මූලික සාකච්ඡාවක් පසුගියදා පවත්වන ලදී. උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රි පී. නඩරාජා මහතා ලංකා ප්‍රගතිශීලී පෙරමුණ නමින් පිහිටුවීමට නියමිත නව දේශපාලන පක්ෂයේ සලකුණ ලෙස 'මාළුවා'ගේ ලාංඡනය තෝරාගෙන තිබේ.

වවුනියාවේ බණ්ඩාරිකුලමේ මාඩසාමි කෝවිල් පාරේ පිහිටි හිටපු මන්ත්‍රිවරයාගේ නිවෙසේදී මෙම නව දේශපාලන පක්ෂය පිහිටුවීමට අදාළ මූලික සාකච්ඡාව පවත්වනු ලැබීය. ලබන මාර්තු මාසයේදී පැවැත්වෙන මීළඟ සාකච්ඡා වාරයේදී පක්ෂය සඳහා මධ්‍යම කාරක සභාවක් පිහිටුවා ගන්නා බවත් පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එදිනට කෙටුම්පත් කරන බවත් හිටපු පළාත් සභා මන්ත්‍රි නඩරාජා මහතා පැවැසීය.

කෙසේ වෙතත් ඉදිරියේදී පැමිණෙන කුමන හෝ මැතිවරණයකට තරග කිරීමට හැකිවන අයුරින් පක්ෂය ශක්තිමත් කොට එය ලියාපදිංචි කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව නඩරාජා මහතා කියා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon