අලි දබරයෙන් හෙම්බත් වූ අලියකු වතුර වළක වැටිලා

  👤  2671 readers have read this article !
By mawbima 2019-02-12

අම්පාර - ධනුෂ්කා දිල්හානි

අම්පාර උහන පොලිස් බල ප්‍රදේශයේ හිමිදුරාව මහකණ්ඩියේදී වල් අලින් දෙදෙනකු ගැටීමක් නිසා වතුර වළක වැටුණු වල් අලියෙක් නැඟිටවීම සඳහා අම්පාර වනජීවී කාර්යාලයේ නිලධාරීන් උත්සාහයක නිරත විය.
පසුගිය 9 වැනි දින රාත්‍රි වැටී සිටින අලියා සහ තවත් අලියෙක් අතර දරුණු ගැටුමක් ඇතිවී තිබේ.

එහිදී මෙම අලියාට අනෙක් අලියාගෙන් දැඩි ලෙස පහරවල් එල්ල වීම නිසා මෙම වළ අසලට ඇවිත් වැටී ඇති බව අම්පාර වනජීවී සෞඛ්‍ය ඒකකයේ පශු වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
දැනට මෙම අලියාට ප්‍රතිකාර කිරීම ආරම්භ කර ඇති අතර අලියා නැඟිට්ටවීමට නොහැකි තත්ත්වයක් පවතී.

මෙසේ වැටී සිටින්නේ උස අඩි හතක් වන වයස 35ක් පමණ අලියෙකි.

පසුව ට්‍රැක්ටර් රථයක් යොදා නැඟිට්ටවීමට උත්සාහ කළත් එයද කිරීමට නොහැකි විය. සවස් වන විට වෙනත් ක්‍රියා මාර්ගයක් ගැනීමට කටයුතු කරන බවද වනජීවී නිලධාරීන් පවසයි.
අම්පාර වනජීවී පශු වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර මහතා සහ අඩවි වන නිලධාරි කිත්සිරි මෙවන් ඇතුළු නිලධාරීන් මෙම අලියාට ප්‍රතිකාර කිරීම ඊයේ සවස වන තුරුම කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon