නීති විරෝධී ජෙලග්නයිට් කිලෝ 3ක් හා ඩෙටනේටර් තොගයක් ගෙනගිය අයකු මන්නාරමේදී අත්අඩංගුවට

  👤  2576 readers have read this article !
By mawbima 2019-02-12

මුලතිව් - ශෂිකුමාර්,

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

මන්නාරම සවුත්බාර් ප්‍රදේශයේදී ජෙලග්නයිට් කූරු කිලෝ 3ක් හා ඩෙටනේටර් ඇතුළු උපකරණ තොගයක් රැගෙන යමින් සිටි සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.

උතුරු මැද නාවික විධානයට අයත් සෙබළුන් පිරිසක් හා මන්නාරම් පොලිස් නිලධාරීන් පිරිසක් විසින් කළ සෝදිසියකදී සවුත්බාර් ප්‍රදේශයේදී පුද්ගලයකු යතුරුපැදියකින් ජෙලග්නයිට් කූරු තොගය රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ළඟ තිබී කිලෝ 03ක් බරැති ජෙලග්නයිට් කූරු 30ක්, අඟල් 03ක් දිගැති ආරක්ෂිත වෙඩි නූල් 19ක්, විද්‍යුත් නොවන ඩෙටනේටර් 19ක් හමු වී ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයා වයස අවුරුදු 36ක් වන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර සැකකරු, යතුරුපැදිය සහ ජෙලග්නයිට් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලිසිය වෙත භාරදීමට නාවික හමුදා නිලධාරීන් පියවර ගෙන ඇත.

අදාළ පුපුරණ ද්‍රව්‍ය තොගය මඟින් නීති විරෝධීව මුහුදේ මසුන් මැරීමට ධීවරයන් භාවිත කරන බවට නාවික හමුදාව වෙතට තොරතුරු ලැබී ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon