අපි නොහිටියා නම් ඔක්තෝබර් 26දා UNP ආණ්ඩුව නැති වෙනවා

  👤  2759 readers have read this article !
By mawbima 2019-02-12

"අපි අවශ්‍ය තැනදි විතරයි කටයුතු කරන්නේ. අපි නොහිටිය නම් ඔක්තෝබර් 26 වැනිදාම යූ.ඇන්.පී.යට ආණ්ඩුව නැති වෙනවා" යැයි පාඨලී චම්පික රණවක ඇමැතිවරයා පවසයි.

අපි අපට ඡන්දය දීපු ජනතාවගේ ගෞරවය ආරක්ෂා කරල තියෙනවා. මම ඔය මෙන්ඩිස් ස්පෙෂල් එකේ මන්ත්‍රිල ගැන කතා කරන්න යන්නෙ නැහැ. ආණ්ඩුවට තිබිච්ච මහා ගෞරවය නැති කරල ලක්ෂ පනහට තිබුණු ඡන්ද ලක්ෂ 36ට බැස්සුවේ අපි නෙවෙයි. ඔය ඇවන්ගාඩ් එකේ, මෙන්ඩිස් ස්පෙෂල් එකේ කීපදෙනෙක් කටයුතු කරනවා" යැයි ඇමැතිවරයා පැවැසීය.

මේ සම්බන්ධව මාධ්‍යවේදියකු ප්‍රශ්නයක් නඟමින් එක්සත් ජාතික පක්ෂයට පිටින් ආපු අය දැන් මේකෙ රජ කරනව කියල එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ අය චෝදනා කරනව නේදැයි විමසූ අවස්ථාවේ "කවුද ඒ? මොනවද කිව්වෙ? කවුද? මොනවද කිව්වෙ? කිව්වොත් මම උත්තර දෙනවා" පාඨලී චම්පික රණවක ඇමැතිවරයා පිළිතුරු දුන්නේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon