මේ රටට අවශ්‍ය සැබෑ දේශ ප්‍රේමයක් සුදු රෙද්දකින් වසාගත්ත බොරු දේශ ප්‍රේමයක් නෙවෙයි

  👤  2631 readers have read this article !
By mawbima 2019-02-12

"ජාතික ආණ්ඩුවකට යනව නම් අපි කතා කරන්න ඕන කාරණාව ගැන කිව්වම, ඊයෙ අපේ මන්ත්‍රිවරයකුට ඩෝං ගිහිල්ල. චම්පික රණවක ඇමැතිතුමා පසුපෙළ මන්ත්‍රිවරුන්ට දෝෂාරෝපණයක් කරනවා" යැයි, එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරයකු වන හේෂා විතානගේ පවසයි.

"අපි කියනවා චම්පික රණවක ඇමැතිතුමනි, අපි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රිවරු හැටියට සිටියත්, ගමේ මිනිස්සුත් එක්ක හැප්පෙන මිනිස්සු. ඔබතුමන්ලා කොළඹ සීතල කාමරවල ඉඳගෙන තීන්දු ගත්තට, මේ අහිංසක ගමේ ඉන්න මිනිස්සුන්ගේ හැඟීම් දන්නෙ අපි නිසයි, මේ ගැන අපි අගමැතිතුමන්ට දැනුම් දෙන්නෙ මේ කාරණාව ගැන සාකච්ඡා කරන්න කියලා" "ඒ නිසා අපි, ඔබතුමන්ලා දේශපාලනයේ බලාපොරොත්තු වන අරමුණුවලට එහා ගිය, පුංචි මිනිස්සුන්ගෙ අරමුණු වෙනුවෙන් අපි නියෝජනය වෙන්නෙ. මේ රටට අවශ්‍ය සැබෑ දේශ ප්‍රේමයක්. සුදු රෙද්දකින් වසාගත්ත බොරු දේශ ප්‍රේමයක් නෙවෙයි" හේෂා විතානගේ මන්ත්‍රිවරයා පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon