මන්නාරම සමූහ මිනී වළෙන් හමුවූ අස්ථි කොටස් පිළිබඳ වාර්තාව 14දායින් පසු

  👤  2573 readers have read this article !
By mawbima 2019-02-12

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

මුලතිව් - ශසී කුමාර්

කාබන් පරීක්ෂාව සඳහා ඇමෙරිකාවේ ෆ්ලෝරිඩා රසායනාගාරය වෙත යවන ලද මන්නාරම සමූහ මිනී වළෙන් හමුවූ අස්ථි කොටස් පිළිබඳව වූ වාර්තාව අපේක්ෂිත දිනයට ලබාදිය නොහැකි බව දැනුම් දී තිබේ. මන්නාරම දිසා අධිකරණයේ ඊමේල් ලිපිනය වෙත පණිවුඩයක් යොමු කොට ඇති ඇමෙරිකාවේ ෆ්ලෝරිඩා රසායනාගාරය දැනුම් දී ඇත්තේ කාබන් වාර්තාව නිකුත් කළ හැක්කේ මේ මස 14දායින් පසුව බවයි.

මන්නාරම සමූහ මිනී වළෙන් හමුවූ මිනිස් අස්ථි කොටස් 300න් තෝරාගත් සාම්පල් හයක් පසුගිය ජනවාරි මස 23දා මන්නාරමේ සිට කොළඹට රැගෙන ගොස් ගුවන් මඟින් ඇමෙරිකාවට යවන ලද අතර එම මිනිස් ඇටසැකිලි සාම්පල හය ජනවාරි මස 25දා ඇමෙරිකාවේ ෆ්ලෝරිඩා රසායානගාරය වෙත ලැබී තිබිණි.

මේ පිළිබඳව මුලින් අදහසක් දැක්වූ එම රසායනාගාරය ප්‍රකාශ කොට තිබුණේ පෙබරවාරි මාසයේ දෙවැනි සතියේදී අදාළ වාර්තාව ලබාදිය හැකි බවයි.

නමුත් මන්නාරම දිසා අධිකරණය වෙත එවන ලද ඊමේල් පණිවුඩයේ සඳහන්ව ඇත්තේ කාබන් වාර්තාව ලබාදීම මේ මස 14දායින් පසුව දිනක සිදුවන බවයි.
මේ ප්‍රමාදයට හේතුව එම ඊමේල් පණිවුඩයේ සඳහන් වී නොමැත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon