ධර්මයෙන් සහ අවවාදයෙන් බැරි නම් අකැමැත්තෙන් හරි දඬුවම් දී මිනිසා යහමඟට ගත යුතුයි
මහනුවර - නදීක දයා බණ්ඩාර
ධර්මයෙන් සහ අවවාදයෙන් මිනිසා යහමඟට ගැනීමට නොහැකි නම් අකමැත්තෙන් හෝ දඬුවම ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවකට සිදුවන බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියෝ පවසති.
හෙළ රජ දවස පටන් සාම, දාන, භේද, දණ්ඩ යන ප්‍රතිපත්ති අනුගමනය කළ අවස්ථා දැකිය හැකි බවද අනුශාසනාව, අවවාදය, උපදේශනය ආදිය ක්‍රියාත්මක කළ නොහැකි නම් අකැමැත්තෙන් හෝ දඬුවම කරා යොමු වීමට අතීත පාලකයන්ට සිදු වුණු බව උන්වහන්සේ සඳහන් කළහ.
රට තුළ මහා පරිමාණයෙන් ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා අකැමැත්තෙන් වුවද දඬුවම් කිරීමේ ක්‍රම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාට සිදුව ඇත්තේ ඒ නිසා යැයි අස්ගිරිය ආදාහන මළුව විහාරස්ථානයේ පැවැති සාකච්ඡාවකදී උන්වහන්සේ සඳහන් කළහ.
වෙසක් පුර පසළොස්වක පොහොය දින නිමිත්තෙන් අස්ගිරිය ආදාහන මළුව පුරාණ විහාරය සහ මහනුවර බෞද්ධ පෙරමුණ සංවිධාන කරන වෙසක් කලාපය පිළිබඳ මූලික සාකච්ඡාවේදී උන්වහන්සේ මේ බව කීහ.
දඬුවම් කිරීම තමන් කිසිසේත්ම අනුමත නොකරන නමුත් යහපත් සමාජයක් බිහි කිරීමට නම් දඬුවම ද අවශ්‍ය වන බව කී උන්වහන්සේ තවදුරටත් මෙසේ ප්‍රකාශ කළහ.
මත්ද්‍රව්‍ය හේතුවෙන් මිනිසා තිරිසන් තත්ත්වයට පත්ව සිටිනවා. මතට යොමු වූ පුද්ගලයන් ධර්මය, අවවාදයෙන් යහමඟට ගැනීමට නොහැකි නම් සමාජය තුළ දඬුවම ක්‍රියාත්මක විය යුතුයි.
මත්ද්‍රව්‍ය හේතුවෙන් මිනිසාගේ මානුෂීය සංවර්ධනය වඩාත් විකෘති තත්ත්වයට පත්ව මිනිසා මුළා කරන තත්ත්වයට පත් කරන බවක් දක්නට ලැබෙනවා. එවැනි තත්ත්වයක් යටතේයි මත්ද්‍රව්‍ය පාලනය කිරීම සඳහා ජනාධිපතිවරයා මැදිහත් වී සිටින්නේ.
රජයක් දැහැමි වීමට නම් රටේ සමාජයද යහපත් විය යුතු යැයි පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.
ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා, මහනුවර පුරපති කේසර සේනානායක මහතා, සිවු මහා දේවාල නියෝජනය කරමින් මහේන්ද්‍ර රත්වත්තේ, ගයාන් හීන්කෙන්ද යන බස්නායක නිලමේවරුන්, මහනුවර ප්‍රාදේශීය ලේකම් පාලිත බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් මේ සාකච්ඡාව සඳහා සහභාගිව සිටියහ.
අද මව්බිමෙන්
- සිංහ වෙස් ගත් ක්‍රිකට් හතුරෝ 🕔2019-02-17
- ජාතික වත්කම් විකුණා දැමීමෙන් කිසිම රටක ආර්ථිකය ස්ථාවර වී නෑ 🕔2019-02-17
- විළිරුදාවෙන් පෙළුණු කැස්බෑ ධේනුවට අංගුලිමාල පිරිත කියපු මනුස්ස පුත්තු 🕔2019-02-17
- ආණ්ඩුව පෙරළන්න උපදෙස් දුන් කපටි ආරක්ෂකයන් දැන් ඉන්නේ අගමැතිතුමා එක්ක - ලක්ෂ්මන් කිරිඇල්ල 🕔2019-02-17
- තුෂාරා චිත්‍රපටයෙ කැමරාවෙ හැංගුණු විජය-මාලනී ආදරයේ අතීත රහස් 🕔2019-02-17
- ගෝඨාභය අපේ ප්‍රතිපත්තිවලට එකඟ නම් මට එතුමා ගැන ප්‍රශ්නයක් නෑ - වාසුදේව නානායක්කාර 🕔2019-02-17
- විදේයාදයෙන් උදාවූ ධර්ම ශාස්තේරා්න්නතිය 🕔2019-02-17
- රජරට කාන්තාවන්ගේ රීරි මාංස උරන ක්ෂුද්‍ර මූල්‍ය සේනා දළඹුවා 🕔2019-02-17
- O/L වත් නැති විධායකයෙක් කුඩා තේ වතු සංවර්ධනේ වනසපු හැටි 🕔2019-02-17
- තාත්තා කුඩු වික්ක නම් අපි කුලී ගේක ඉන්නෙ නෑ... - රයන්ගේ දුව නතාලි කතා කරයි 🕔2019-02-17
- එක්කෙනෙක් මරනව දැක්ක නිසා දෙන්නවම මැරුවා... 🕔2019-02-17
- එළිසබෙත් - පිලිප් 70 වසරක යුග දිවිය සසල කළ පොතක් 🕔2019-02-17
- සුළු ජන ඡන්ද ගැන සත්‍යය සහ මිථ්‍යාව 🕔2019-02-17
- නරමාණේ බුද්ධරක්ඛිත හිමිපාණෝ අපවත් වෙති 🕔2019-02-17
- මෙඩේරිගම නන්දාරාම හිමියන්ට සන්නස් පත්‍ර ප්රදානය 22දා 🕔2019-02-17
- ඇරැව්වලින් කොල්ලකාපු කෝටි 700 දියමන්තිය මධුෂ් ළඟට ගිය හැටි 🕔2019-02-17
- TRAILBLAZER 2019 23දා නෙලුම් පොකුණේදී 🕔2019-02-17
- ඇත්තටම වෙව්ලන්නෙ මොකෑ... 🕔2019-02-17
- තාත්තලාගේ හයිය අරන් ලංකාවට කුඩු අදින උතුරේ දේශපාලන පුත්තු 🕔2019-02-17
- කළු සාගරයි අන්නාසි මොරිලුයි මධුෂ් කුඩු කරන්න ඩුබායිවලදී ගහපු ගේම 🕔2019-02-17