ජංගම දුරකථනයක් සොරකම් කළ සිද්ධියකට යුද හමුදා ලාන්ස් කෝප්‍රල් අත්අඩංගුවට

  👤  2449 readers have read this article !
By mawbima 2019-02-11

නාත්තණ්ඩිය - සමන්ප්‍රිය ජයශාන්ත

ජංගම දුරකථනයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරයකු ආණමඩුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය මඟින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම යුද හමුදා පුහුණු පාසලට අනුයුක්තව සේවය කරන ලාන්ස් කෝප්‍රල්වරයකුය. ආණමඩුව - වැටිය පහළගම ප්‍රදේශයේ පදිංචි සැකකාර හමුදා සෙබළා නිවාඩු ලබා නිවෙසට පැමිණ සිටියදී මෙම සොරකම සිදුකර ඇති බවට ලද පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

සැකකරු ආණමඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. ආණමඩුව පොලිසිය වැඩිදුර විමර්ශන කරගෙන යයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon