කෝටි සියයක හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් 5 දෙනා රිමාන්ඩ්

  👤  2460 readers have read this article !
By mawbima 2019-02-11

අමිල අබේරත්න

රුපියල් කෝටි සියයකට අධික වටිනාකමින් යුතු හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ ඉකුත් 22 වැනිදා අත්අඩංගුවට ගත් ඇමෙරිකානු ජාතිකයන් දෙදෙනා, ඇෆ්ගන් ජාතිකයා ඇතුළු ශ්‍රී ලාංකිකයන් දෙදෙනා ලබන මස 22 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.

එලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ උඩුගම පත්තුවේ ‍ෙදාන් ඉන්ද්‍රජිත් පද්මකුමාර, හික්කඩුව ප්‍රදේශයේ හෝටල් අයිතිකරුවකු වූ හල්බලුව කංකානම්ගේ චමින්ද දිමුතු අමරසිංහ යන ශ්‍රී ලාංකිකයන් දෙදෙනා, ෂෝන් ඇන්තනී මාර්ෂල්, චාම්ස් ඉෆ්හාන් (ඛ්ඩචථඥඵ ධ්ටඩචද) යන ඇමෙරිකානුවන් දෙදෙනා යන ෆර්නාඩ් ෂේක්රි නමැති ඇෆ්ගනිස්තාන් ජාතිකයාය.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටි පොලිස් කොස්තාපල්වරයා නඩුවට අදාළව කිසිදු කරුණක් නොදැන සිටීම මත සිද්ධියට අදාළව සාක්ෂි ගොනු කිරීම සම්බන්ධව කරුණු කීම සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි හිරියාදෙණිය සහ එම කාර්යාංශයේ පොලිස් පරීක්ෂක තාරක ප්‍රබෝධ යන නිලධාරීන්ට ඉදිරි නඩු දිනයේදී අධිකරණය පෙනී සිටින ලෙසටද මහෙස්ත්‍රාත්වරයා නොතීසි නිකුත් කෙළේය.

හෙරොයින් කිලෝ 95යි ග්‍රෑම් 88ක් සමඟ සැකකරුවන් පිරිස පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් විශේෂ කාර්ය බළකායට ලැබුණු තොරතුරක් මත කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි සුපිරි නිවාස සංකීර්ණයකදී සහ කොල්ලුපිටියේ පිහිටි සුපිරි වෙළෙඳ සංකීර්ණයක විදුලි සෝපානයක් අසලදීය.
නඩුව මේ මස 22 වැනිදා යළි කැඳවීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon