රණවිරුවන් 1024 දෙනකුගෙන් මුදල් එකතු කළ සිවුදෙනකු ඇතුලට

  👤  2463 readers have read this article !
By mawbima 2019-02-11

රාජාංගණය - කේ.එම්. චන්දික, තලාව - එල්. අනුර

රක්ෂණාවරණයක් ලබාදීම සඳහා යැයි පවසමින් රණවිරුවන් 1024 දෙනකුගෙන් රුපියල් තුන්දහස බැගින් මුදල් එකතු කළ රාජ්‍ය නොවන සංවිධානයක කාන්තාවක් ඇතුළු සිවුදෙනකු මෙම මස 11 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තඹුත්තේගම මහෙස්ත්‍රාත් කේ.ඒ.ආර්. නදීශානි මහත්මිය නියෝග කළාය.

මේ අයුරින් රක්ෂිත බන්ධනාගාර ගත කළේ ඉහළ හල්මිල්ලෑව, එප්පාවල පදිංචි බාලසූරිය මුදියන්සේලාගේ සංජීව බාලසූරිය, මහබෙල්ලන්කඩවල, මල්වානේගම පදිංචි අන්තෝනි සීමන්ලාගේ ක්ලැරන්ස් ඇන්ටන්ද සීමන්, දෙල්නේගම තඹුත්තේගම පදිංචි ඒකනායක මුදියන්සේලාගේ සුදත් හේමන්ත ඒකනායක, ගල්වඩුවාගම අධිරාණිගම පදිංචි අලුත්ගෙදර ඉන්ද්‍රානි යන සිවු දෙනාය.

අධිරාණිගම, ඉහළ හල්මිල්ලෑව, එප්පාවල ලිපිනයේ මානව හිමිකම් හා ස්වාභාවික සම්පත් සුරැකීමේ සංවිධානය නමින් මෙම පුද්ගලයන් රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස එල්. 158808 දරන අංකය යටතේ ලියාපදිංචි කරගෙන වර්ෂයකට අධික කාලයක් කටයුතු කරගෙන ගොස් තිබිණි. දැනට මෙම සංවිධානයේ සාමාජිකයන් 55,000ක් පමණ සාමාජිකත්වය ලබා සිටින අතර රණවිරුවන් 1024 දෙනකුගෙන් රක්ෂණාවරණයක් ලබාදෙන බවට රුපියල් තුන්දහස බැගින් මුදල් එකතු කර ඇති බවට පොලිස් පරීක්ෂණවලින් අනාවරණය කරගෙන තිබේ.

සැකකරුවන් වෙනුවෙන් නීතිඥ සමන්ත හේරත් මහතා පෙනී සිටියේය.
තඹුත්තේගම පොලිසියේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. එන්.ජේ. අතුකෝරල, අපරාධ අංශයේ ස්ථානාධිපති උ.පො.ප. දයාරත්න මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon