සැක සිවුදෙනා නි‍ෙදාස් කොට නිදහස්

  👤  2450 readers have read this article !
By mawbima 2019-02-11

ගල්ගමුව -

අරෝෂණ මාන්නප්පෙරුම

ඉකුත් ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකුගේ නිවෙසට ඇතුළු වී දියණියන් දෙදෙනාට පහරදී නිවෙසේ භාණ්ඩවලට අලාභහානි සිදු කළේ යැයි චෝදනා කරමින් සැකකරුවන් සිවුදෙනකුට විරුද්ධව පවරා තිබූ නඩුවෙන් ඔවුන් නි‍ෙදාස් කොට නිදහස් කරන ලෙස ගල්ගමුව මහෙස්ත්‍රාත් ජේ.කේ. ප්‍රභාත් මහතා නියෝග කළේය.

2015 වර්ෂයේ ජනවාරි 10 වැනිදා මීගලෑව පොලිස් වසමට අයත් මහවැලිතැන්න ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකුගේ නිවෙසට අයුතු ලෙස ඇතුළු වී ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයාගේ දියණියන් දෙදෙනාට පහරදී තුවාල කොට නිවෙසේ භාණ්ඩවලට හානි කළ බවට ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 32 වගන්තිය සමඟ කියැවෙන 314, 410, 432 වගන්ති යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් කළ බවට චෝදනා හතරක් නඟා තිබිණි.

සැකකරුවන් හතරදෙනාට විරුද්ධව නඟා තිබූ නඩුව විභාගයට ගැනීමෙන් පසුව පැමිණිල්ල විසින් සැකකරුවන්ට නඟා ඇති චෝදනා කිසිදු සැකයකින් තොරව ඔප්පු කිරීමට සමත්ව නැති බැවින් සැකකරුවන් එකී චෝදනාවන්වලින් නි‍ෙදාස් කොට නිදහස් කිරීමට ගල්ගමුව මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙසේ නි‍ෙදාස් කොට නිදහස් කරන ලද්දේ ඩබ්.එච්. මහින්ද විමලවීර, එන්.එච්. ප්‍රදීප් කුමාර, ඩබ්.එම්. මංජුල ධර්මප්‍රිය, ඩබ්.ඒ. දසිත නාරද යන සිවුදෙනාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon