කේරළ ගංජා කිලෝවක් සමඟ පොලිස් කොස්තාපල් දැලේ

  👤  2445 readers have read this article !
By mawbima 2019-02-11

මැදවච්චිය - ගයාන්

කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 01ක් සමඟ පොලිස් කොස්තාපල්වරයකු නොලුගොල්ලෑකඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කහටගස්දිගිලිය පොලිසිය පවසයි.

අනුරාධපුර කොට්ඨාස විස මත්ද්‍රව්‍ය වැටලීම් අංශයට ලද තොරතුරක් මත මෙම තැනැත්තා අත්අඩංගුවට ගෙන ඇත.

චාවාකච්චේරිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පී.සී. (68566) අංක දරන කොස්තාපල්වරයා මෙසේ කේරළ ගංජා කිලෝ 01ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත. 34 හැවිරිදි සැකකරු කෑදෑනොකුටුණු වැව පදිංචිකරුවෙකි.

සැකකරු කහටගස්දිගිලිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon