තණමල්විල වෙඩි තැබීමකින් අයෙක් මරුට

  👤  2446 readers have read this article !
By mawbima 2019-02-11

මත්තල - ඩී.එන්. ජයසේකර, සෙවණගල - එස්.කුට්ටපිටිය, වැල්ලවාය - ජී.අයි.රොෂාන්

තණමල්විල නගරයෙන් උඩවලව දෙසට හැරෙන මාර්ගය අසල කඩයකට ගොස් සිය යතුරුපැදියට නඟිමින් සිටි දෙදෙනකුට මුහුණු ආවරණය කරගත් යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු ඊයේ (10දා) දහවල් 12.10ට පමණ වෙඩි තබා පලාගොස් ඇතැයි තණමල්විල පොලිසිය පවසයි.

වෙඩි වැදීම හේතුවෙන් එක් අයකු මියගොස් ඇති අතර තවත් අයකු බරපතළ තුවාල ලබා තිබේ. වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ තණමල්විල ගාමිණීපුර පදිංචි 42 හැවිරිදි සුදුහකුරුගේ සුමිත් කුමාර නොහොත් වසන්ත නමැති අයෙකි. මොහු මීට මාස කිහිපයකට පෙර තණමල්විල ප්‍රදේශයේ සිදුවූ මිනීමැරුමක් සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප ලබා පැමිණ සිටි අයෙකි.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලබා ඇත්තේ තණමල්විල කුකුල්කටුව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ජයන්ත නමැති අයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon