එජනිස මන්ත්‍රිවරියගේ නිවෙසේ බූරු ගැසූ 15කට දැඩි ඇප කොන්දේසි

  👤  2456 readers have read this article !
By mawbima 2019-02-11

අලුත්ගම - කේ.ඩී. පවුලිස්, පයාගල - සුජිත් මාරියෝ

බේරුවල ප්‍රාදේශීය සභාවේ එජනිසයේ මන්ත්‍රිවරියක් සිය නිවෙසේ පවත්වාගෙන ගිය සූදු පිටියක් ඉකුත්දා රාත්‍රි වැටලූ බේරුවල පොලිසිය බූරුවා ගසමින් සිටි මන්ත්‍රිවරිය ඇතුළු 15 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
බේරුවල _ බුබුලලන්ද ප්‍රදේශයේ පිහිටි මන්ත්‍රිවරියගේ නිවෙසේ මෙම බූරුවා ගැසීම කාලයක් තිස්සේ කරගෙන ගොස් ඇතැයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් දසදෙනකු සිටින බවත් ඉන් කාන්තාවන් තිදෙනකු සිය බිලිඳුන් ඇකයේ ගසාගෙන සූදු කෙළිමින් සිටි බවත් පොලිසිය පවසයි.

සැකකරුවන් කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැඩි ඇප කොන්දේසි මත මුදා හැර ඇත.

බේරුවල පොලිසියේ ස්ථානාධිපති ජනක විතානගේ මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක ෆොන්සේකා, උප පොලිස් පරීක්ෂක නිලංක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සූදුපොළ වැටලීමට සහභාගි වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon