ගලගොඩඅත්තේ හිමියන්ගේ සිර දඬුවම වසර පහකට අත්හිටුවයි

  👤  2453 readers have read this article !
By mawbima 2019-02-11

පනාගොඩ - චම්පා ජීවන්ති

අතුරුදන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිය වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැන තර්ජනය කිරීම සහ සාපරාධී බිය ගැන්වීම යන චෝදනා යටතේ හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයෙන් බරපතළ වැඩ ඇතිව මාස හයක සිර දඬුවමක් නියම වූ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ දඬුවම වසර පහකට අත්හිටුවන ලෙස හෝමාගම මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා ඉකුත් 8 වැනිදා නියෝග කළේය.

ඉකුත් 2018 වර්ෂයේ ජුනි මස 14 වැනි දින හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් උන් වහන්සේට පැන වූ බරපතළ වැඩ ඇතිව සය මසක සිට දඬුවමට එරෙහිව ගලගොඩඅත්තේ හිමියන් විසින් මහාධිකරණයට ඉදිරිපත් කරන ලද ඇප අයැදුම්පත සම්බන්ධයෙන් වූ නඩු විභාගය අවසානයේදී මහාධිකරණ විනිසුරුවරයා විසින් මෙම නියෝගය කෙළේය.

2016 ජනවාරි 25 වැනි දින හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවක් අවසානයේ අධිකරණයෙන් පිටතට පැමිණෙමින් සිටි සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් බැන තර්ජනය කර බිය වැද්දීම යන චෝදනා යටතේ හෝමාගම පොලිසිය මඟින් ගොනුකළ පැමිණිල්ලකට අනුව එම හිමියන්ට බරපතළ වැඩ ඇතිව සය මසක සිරදඬුවමක් පැනවිණි.
ගලගොඩඅත්තේ හිමියන් හෝමාගම මහාධිකරණයේ සිට නැවතත් බන්ධනාගාරයට රැගෙන යෑම සඳහා බන්ධනාගාර නිලධාරීන් කැටුව යන අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon