Smart Sri Lanka ව්‍යාපෘතියට තරුණ සහභාගිත්වය

  👤  2445 readers have read this article !
By mawbima 2019-02-11

සූක්‍ෂ්ම ක්‍රමවේදයන් ඔස්සේ තිරසාර සංවර්ධන ඉලක්ක සම්පූර්ණ කර ගැනීම ඉථචපබ ඉපඪ ඹ්චදඬච ව්‍යාපෘතිය ඔස්සේ රටට සිදු වන ඵලදායීතාවකි.

තිරසර සංවර්ධනය සඳහා තරුණ ප්‍රජාවගේ දායකත්වය ලංකාව වැනි රටකට අවශ්‍යම වන්නකි. හැකියාවන්ගේ අවමයේ සිටින පිරිස හැකියාවන් සහිත පිරිසක් බවට පත් කිරීම මෙම ව්‍යාපෘති ඔස්සේ සිදු වන්නකි.
තිරසර සංවර්ධන අරමුණු වූ කලී දරිද්‍රතාව අවසන් කිරීම, පෘථිවිය ආරක්ෂා කිරීම මෙන්ම සමස්ත ලෝක ප්‍රජාව සාමය හා සමෘද්ධිමත් අයුරින් පවත්වාගෙන යෑම දක්වා වූ ක්‍රියාවලියයි.

සහශ්‍ර සංවර්ධන ඉලක්කයන් වශයෙන් හඳුනා ගැනීමේදී දරිද්‍රතාවේ මූල සාධක සඳහා විසඳුම් ලබාදීම හා අනාගත පරම්පරා සඳහා තිරසර ප්‍රවේශයන් මඟින් මානව ප්‍රජාව එකමුතු කිරීම ආදී වූ ක්‍රියාවලියයි. එම ක්‍රියාදාමයේ ඉලක්කයන් ඉථචපබ ඉපඪ ඹ්චදඬච ව්‍යාපෘතිය ඔස්සේ සිදු වන අතර තරුණ ප්‍රජාවගේ දායකත්වය මේ සඳහා යොමු වීම විශේෂ වන්නකි. ලංකාවේ තිරසර අරමුණු සාක්‍ෂාත් කර ගැනීමෙහිලා වගවීම මෙහෙයවන නායකත්ව හැකියාවෙන් පිරිපුන් තරුණ ප්‍රජාව සවිබල ගැනීමේ දැක්ම මෙම ව්‍යාපෘතියේ ප්‍රමුඛ වේ.

රටේ ජන ඝනත්වයෙන් ශ්‍රම දායකත්වය සැපයිය හැකි පිරිසෙන් වයස අවුරුදු 15ත් 29ත් අතර තරුණ පිරිස් නව යොවුන් විය පසු කරන්නන් වන බැවින් ඔවුන් රටේ තිරසර සංවර්ධනය වෙත දායක කර ගැනීමේ මුඛ්‍ය අභිලාශය ඉථචපබ ඉපඪ ඹ්චදඬච ව්‍යාපෘතියේ අරමුණු අතර වේ.

තරුණ ප්‍රජාව නිවැරැදි මාර්ගයක් වෙත යොමු කරන්නේ කෙසේද සහ එම යොමුවීම ඔස්සේ තිරසර සංවර්ධන ක්‍රියාවලිය මඟින් රටේ සංවර්ධනය මෙන්ම පුද්ගල සංවර්ධනය සිදු කිරීම සඳහා ඔවුන්ගේ ඥානය භාවිත කරන්නේ කෙසේද යන වග සුවිශේෂී වේ. ඒ අනුව යමින් ග්‍රාමීයව වාසය කරන තරුණයාගේ පටන් විසිරී යන ආකාරයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 331ක සහභාගිත්වයෙන් මේ ව්‍යාපෘතිය සිදු කිරීමට නියමිතව ඇත.
නගරබද අධ්‍යාපනික කේන්ද්‍රයන් සහ විශ්වවිද්‍යාලවලින් නික්මෙන තරුණයන්ගේ මානසික හා වෘත්තීමය තලයන් එකිනෙකට වෙනස් වේ. එම තලයන් ඒකීය මාර්ගයට ගැනීම අවශ්‍ය වන්නක් වන අතර එය මෙම ව්‍යාපෘතිය ඔස්සේ සඵල වන වටිනාකමකි.

එක්සත් ජාතීන්ගේ 70 වැනි මහ සමුළුවේදී ඉදිරි වසර සඳහා තිරසර සංවර්ධන අභිමථාර්ථ 17ක් අතුරින් දිළිඳුකම තුරන් කිරීමේ අරමුණු මෙන්ම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වැනි අරමුණු වෙනත් මාර්ගයන්ගෙන් ආවරණය වීමක් වශයෙන්ද ඉථචපබ ඉපඪ ඹ්චදඬච ව්‍යාපෘතිය හඳුනා ගත හැකිය. ඒ සඳහා වැඩ කළ හැකි තරුණ ප්‍රජාව සම්බන්ධ කර ගැනීම අතිශය වැදගත් වේ. රැකියා අවස්ථාවන් සඳහා සම්බන්ධ කර ගැනීමේදී ඔවුන්ගේ නිර්මාණශීලී අදහස් සඳහා දැනුමැති පිරිසකගේ උපදෙස් ලබා ගැනීම සිදුවනු ඇත.

මෙම ව්‍යාපෘතිය හරහා සම්බන්ධ වන හවුල්කරුවන් ඔස්සේ ගොඩනැඟෙන නව රැකියා අවස්ථාවන් මෙන්ම ජාතික පමණක් නොව අන්තර්ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීමය අවස්ථා ළඟා කර ගැනීමේ හැකියාව පවතී. රටේ දිගුකාලීන සංවර්ධනය සඳහා නිර්මාණශීලී මෙන්ම උගත් බුද්ධිමත් තරුණයන් ස්ථාපනය සහ සංස්ථාපනය මෙම ව්‍යාපෘතිය ඔස්සේ සාර්ථක වේ.

රටක් වශයෙන් භෞතික හා ආධ්‍යාත්මික වශයෙන් තිරසර සංවර්ධනයක් උදෙසා ගමන් කිරීමේ යෝග්‍යතම කාලයක් වශයෙන් මෙම කාලය හඳුනාගත හැකිය. ඒ සඳහා පූර්ව සූදානමක් ඉථචපබ ඉපඪ ඹ්චදඬච ව්‍යාපෘතිය ඔස්සේ සාර්ථකත්වයට පත්වේ.

සුලක්‍ෂි රත්නායක

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon