චරිත සහතික දීමේ අයිතිය ග්‍රාම නිලධාරිවරුන්ට පවරන යෝජනාවක්

  👤  2458 readers have read this article !
By mawbima 2019-02-11

නුවන් හෙට්ටිආරච්චි

චරිත සහතික නිකුත් කිරීමේදී සියලු බලතල ග්‍රාම නිලධාරිවරයාට අප්‍රේල් මස සිට ලබා දීමට කටයුතු කරන බව ස්වදේශීය කටයුතු, අභ්‍යන්තර කටයුතු හා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය සඳහන් කරයි. මෙතෙක් පැවැති ක්‍රමය අනුව චරිත සහතිකයක් ග්‍රාම නිලධාරිගෙන් ලබාගෙන ප්‍රාදේශීය ලේකම්වරයාගේද නිලමුද්‍රාව සහිතව රැගෙන යා යුතුව තිබුණද ඉදිරියේ සිට අවසන් අනුමැතිය ලබා දීමේ අවසරය ප්‍රාදේශීය ලේකම්ට නොව ග්‍රාම නිලධාරියාට පැවරෙන බවත් අමාත්‍යාංශය පවසයි. සමහර ග්‍රාම නිලධාරි කොට්ඨාසවල සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට තිබෙන දුරත් මාස 6ක කාල සීමාවකට පමණක් සීමා වන ලියැවිල්ලක් ලෙසත් සලකා මෙම පියවර ගත්තද මෙමඟින් සියලු මහජනතාවට කාර්යක්‍ෂම රාජ්‍ය සේවාවක් ලබාදීම සිදු වන බවද එම අමාත්‍යාංශයෙන් පෙන්වා දෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon