ඇල්ල සභාපතිවරයා වහාම අත්අඩංගුවට ගන්නැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යස්ථානය ඉල්ලයි

  👤  2462 readers have read this article !
By mawbima 2019-02-11

උදයන්ති මුණසිංහ

ඇල්ල සංචාරක තොරතුරු මධ්‍යස්ථානය භාරව සිටි සංවර්ධන නිලධාරියාට පහරදුන්, බදුල්ල දිස්ත්‍රික් ඇල්ල ප්‍රාදේශීය සභා සභාපතිවරයා වහාම අත්අඩංගුවට ගැනීම සඳහා මැදිහත් වන ලෙස මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටී.

පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වූ දා සිට අද වන තෙක් ප්‍රාදේශීය දේශපාලනඥයන් මූලිකත්වය ගත් ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ සිදුවීම් 13ක් තම සංවිධානය වෙත වාර්තා වූ බවත්, එහි නවතම සිදුවීම පසුගියදා බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ මේ සිදුවීම බවත්, එම සංවිධානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක සඳහන් කළේය.

එම පහරදීම හේතුවෙන් අදාළ සංවර්ධන නිලධාරියා තවමත් බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, චූදිත සභාපතිවරයා මෙතෙක් අදාළ පොලිස් ස්ථානය මඟින් අත්අඩංගුවට ගෙන නොතිබීම ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බවත්, ඔහු පෙන්වා දුන්නේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon