සේනා දළඹු උවදුරෙන් බඩඉරිඟු වගා බිම් හෙක්ටයාර් 41,828ක් විනාශයි

  👤  2452 readers have read this article !
By mawbima 2019-02-11

නුවන් හෙට්ටිආරච්චි

සේනා දළඹු උවදුර හේතුවෙන් බඩඉරිඟු පලදාව මෙටි්‍රක් ටොන් 71,426කින් අඩු වන බවත් එම නිසා අනිවාර්යෙන් බඩඉරිඟු ගොවියා බඩඉරිඟු වගා කළ යුතු අතර ඊට සාර්ථකම ක්‍රමය කුමක්දැයි හඳුන්වා දෙන බවත් සේනා දළඹු මර්දන විශේෂ ඒකකයේ ප්‍රධානි කෘෂිකර්ම දෙපාර්තමේන්තු නියෝජ්‍ය අධ්‍යක්‍ෂ අනුර විජේතුංග මහතා පවසයි.

මේ වන විට සියලුම බඩඉරිඟු ආනයනය කිරීම් තහනම් කර ඇති බවත් සේනා දළඹුවාගේ වර්ධනයද මේ වන විට පාලනය කර ඇති බවත් සඳහන් කළ හෙතෙම පෙන්වා දෙන්නේ නිතර කෘෂිකර්ම නිලධාරීන් රැස්ව ප්‍රගති සමාලෝචන රැස්වීම් පවත්වා කළ යුතු හොඳම දේ මෙම දළඹුවා මර්දනය සඳහා සිදු කරන බවයි. වගා කළ බඩඉරිඟු හෙක්ටයාර 74,424කින් මේ වන විට හෙක්ටයාර් 41,828ක් සේනා දළඹුවා නිසා හානියට ලක්ව ඇති බවත් මේ වන විට දළඹුවා සිදු කරන හානිය අවම බවත් හෙතෙම පෙන්වා දෙයි. අප්‍රේල් මාසයෙන් ඇරැඹෙන කන්නය සඳහා බඩඉරිඟු වගා කිරීම් කටයුතු අරම්භ වන බවත් එහිදී එක්වර ගොවීන් එම වගා කළ යුතු බවත්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon