සමන් පිච්ච මල් යායෙන් අලුත් දළඹුවෙක් ඇවිත්

  👤  2472 readers have read this article !
By mawbima 2019-02-11

වවුනියාව -

රසාදි චතුරංගි ගමගේ

කිලිනොච්චියේ සමන්පිච්ච මල් වගාවෙන් බෝ වුණු පණුවකු මේ වන විට පළාතේ එළවළු වගාව විනාශ කරමින් සිටින බව කිලිනොච්චියේ ගොවීහු කියති.

කිලිනොච්චිය දිස්ත්‍රික් සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ පී. අත්පුදචන්ද්‍රන් මහතා කියා සිටියේ මෙම දළඹුවා සේනා දළඹුවා නොවන බවයි.

කිලිනොච්චියේ කරච්චි කණ්ඩාවලෙයි පච්චිලෙයිපල්ලි යන පළාත්වල අක්කර 260ක පමණ සමන් පිච්ච මල් වගාකොට ඇති අතර එම වගාවෙන් අක්කර හැට පහක් පමණ මේ වන විට මෙම දළඹුවාගේ හානියට ගොදුරු වී විනාශ වී ඇති බව කෘෂිකර්ම නිලධාරීන් කියා සිටී.

මේ දළඹුවා සිටි පළාත්වලට ගිය කෘෂිකර්ම නිලධාරීන් ගොවීන් සමඟ එක්ව සමන් පිච්ච මල් වගාවට පැමිණි දළඹුවා විනාශ කළත් මේ වන විට එම දළඹුවා කිලිනොච්චියේ එළවළු වගාවට බෝවී ඇතැයි කෘෂිකර්ම නිලධාරීන් සඳහන් කරයි.

කිලිනොච්චියේ එළවළු වගා කළ අක්කර හැත්තෑවක් පමණ මෙම දළඹුවාගේ හානියට ගොදුරු වී විනාශ වී ගොස් තිබේ.

එළවළු වගාව මෙම දළඹුවාගෙන් ආරක්‍ෂා කර ගැනීම සඳහා කෘෂිකර්ම නිලධාරීන් පිරිසක් යොදවා සිටින බව සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් කියා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon