හරි වැරැදි මතය නිවැරැදි කර ගත යුතුයි

  👤  2447 readers have read this article !
By mawbima 2019-02-11

අප සියලු දෙනා පාසල් අවධියේ පන්තියේ ලබන අධ්‍යාපන දැනුම උරගා බලන විභාග ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු ලියා ඇත්තෙමු. එහිදී නිවැරැදි පිළිතුරට හරි (√) ලකුණත් වැරැදි පිළිතුරට වැරැදි (×) සලකුණත් ලබාදෙන ක්‍රමවේදයක් ඇති බව හො¼දාකාරවම දැන සිටින්නෙමු. සමාජය තුළද මුල් බැස ඇති මූලධර්මයෙන් ඔහුගේ හරිදේට (√) ද වැරැදි දේට (×) ලෙසද සැලකීමයි.

පුරවැසියකුගේ වයස අවුරුදු 18 සම්පූර්ණ වීමේදී ඔහුට හෝ ඇයට සර්වජන ඡන්ද බලය හිමි වනු ඇත. ඡන්දයට ඉදිරිපත්ව ඇති අපේක්ෂකයන් අතරින් සුදුස්සන් තෝරා ගැනීම අප තෝරාගෙන ඇති සලකුණු අරුම පුදුමය. කුඩා කල සිට වැරැද්ද දැනුම් තේරුම් කරගත් අපි ඡන්ද මධ්‍යස්ථානයේදී කතිරය ගසා වැරැදි ලෙස සලකුණු කරනු ලබන පක්ෂය හෝ පුද්ගලයන් ඡන්ද ගණන් කිරීමේදී ජයග්‍රහණය කර ඇත. යම් ලෙසකින් √ සලකුණ යොදා පක්ෂයක් හෝ අපේක්ෂකයකු සලකුණු කළේ නම්, එය ප්‍රතික්ෂේපිත ඡන්දයක් ලෙස සලකනු ලැබේ. මේ මූලික වැරැද්ද තුළින්ම, ලක්‍ෂ සංඛ්‍යාත ඡන්දදායකයන් පිරිස වැරැදි ලෙස සලකුණු කොට එවන පිරිසක් පාලන බලයට පත්වීම තුළින්ම, වර්තමානයේ ඇතිවී තිබෙන අර්බුද නිර්මාණය වීම පුදුමයක් නොවනු ඇත.

ශ්‍රී ලාංකික සංස්කෘතිය තුළ නිර්මාණය වී ඇති තුන් වාරයක්, සත් වාරයක්, එකසිය විසි වාරයක්, ලක්‍ෂ වාරයක් වැනි ක්‍රියාවන් තුළ යමක් කිරීමේදී හෝ කිරීමේදී එය තුළට යම් බලයක් ආරෝපණය වන බවට විශ්වාසයක් පවතී.

මේ ශක්ති ආරෝපණ ක්‍රමවේදය තුළට ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් වැරැදි (×) ලෙස සලකුණු කොට පත්කර ගනු ලබන පාලක සමූහයක් මෙවැනි විකාරරූපීව හැසිරීම අරුමයක් නොවනු ඇත.

එබැවින් මැතිවරණ කොමිසම ක්‍රියාත්මක විය යුත්තේ තම ඡන්දදායකයන්ට හරි (√) පුද්ගලයන් පාලන අධිකාරින් වෙත පත්කර එවන ලෙසට ඉදිරි මැතිවරණය සඳහා කතිරය වෙනුවට වෙනත් සුදුසු සලකුණක් ඡන්ද පත්‍රිකාවේ සටහන් කිරීමට අවස්ථාව සලසාදීමයි.

ඩ්.ඒ. සුදත් පුෂ්පකුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon