කළ යුත්තේ කුමක්ද?

  👤  2445 readers have read this article !
By mawbima 2019-02-11

පසුගිය කාල පරිච්ඡේදයේදී එනම් වර්තමාන ආණ්ඩුව මෛත්‍රිපාල සිරිසේන නම් කිලිටි නොවූවැයි කියන චරිතයක් වටා පෙළ ගැසෙමින් එක්සත් ජාතික පක්‍ෂය බලයට පැමිණියේය. මේ දේශපාලන බල හුවමාරුව සමස්තයක් ලෙස ගත් කල මෙරට ජනතාවට තේරුම් ගැනීමට ටිකක් අපහසු විය. නමුත් එතෙක් පැවැති මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව සමස්ත ජනතාව අතරින් ක්‍රමානුකූලව දියවෙමින් පැවැතිණි. එම හේතුව නිසා හැදුණු අලුත් ආණ්ඩුවේ ප්‍රමුඛතම කාර්යයන් අතරට දින 100 වැඩපිළිවෙළ, ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයත්, දූෂිතයන්, හොරුන් ඇල්ලීමත්, විධායක ක්‍රමය අහෝසි කිරීමත් යනාදිය කෙටියෙන් පෙන්වාදිය හැකිය.

මෙහි දේශපාලන යටි වුවමනාව වූයේ එක්සත් ජාතික පක්‍ෂය බලයට පත්වීම හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙකඩ කිරීමයි. එහිදී දේශපාලන අරමුණ සාර්ථක වුවත් ඔවුන් ඉදිරිපත් කළ වැඩපිළිවෙළෙහි අඩියක්වත් ඉදිරියට යෑමක් පෙනෙන්නට නොතිබිණි. නමුත් රාජපක්‍ෂ ආණ්ඩුව විසින් ගනු ලැබූ ජාතිවාදය වැපිරීමත්, ජනතාවට සිදුවූ ආර්ථික පීඩාවන් ඔවුන් විසින් සිදුකරනු ලැබුවේ අමු අමුවේ බාල ආකාරයකට නොවීම පැවැසිය යුතුය. ඊට හේතුව නව ලිබරල් ධනවාදයේදී අප වැනි රටක ජාතිවාදය කරළියට ගෙන ඒමේදී ධනවාදයේ ශීඝ්‍ර වර්ධනයට බාධා සිදුවිය හැකි බැවිනි. එසේම ආර්ථික තත්ත්වයේ වෙනස්කම් සිදුකිරීමේදී ව්‍යුහාත්මක තලයන්ගේ වෙනස් කිරීම් තුළින් නව බදු පැනවීමත් කුටුම්භ ජීවිතයට එල්ල කරන බදු මකා දැමීම සඳහා විවිධ මතවාද පෝෂණය කිරීමත් සිදුකළ බැවිනි. යහපාලන ඡන්ද පොරොන්දු එනම් මා ඉහත සඳහන් කළ කාරණා පිළිබඳව පැහැදිලි කිරීමට උත්සාහ නොකරමි. එයින් රටේ ජනතාවට සිදුවූ සෙතක් නොවන බව ඔබ දන්නා නිසාය. ආර්ථික හා සමාජීය සංස්කෘතික ක්‍ෂේත්‍රයේ හෝ නිවැරැදි විග්‍රහයක් කිරීමට ඔවුන් අපොහොසත් විය.

මෙහි ඊළඟ ප්‍රතිඵලය වූයේ රනිල් ප්‍රමුඛ ආණ්ඩුව පෙරසේම ඉතා කෙටි කලකින් ජනතාවගෙන් අෑත්වීමය. එසේම පසුගිය කාල සමයේදී මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිර්මාණය කළ දේශපාලන උණුසුම්කාරී වාතාවරණය තුළ ජනාධිපතිවරයා උත්සාහ කරනු ලැබුයේ ඔහුගේ පව් සෝදා ගැනීමටය. එසේ නැත්නම් එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්තිය හෝ රනිල්ගේ සංස්කෘතිය ගැන හෝ ඔහු විසින් ඉතිහාසයක් තුළ සිදු කරනු ලැබූ හා කළ කී දෑ සම්බන්ධයෙන් නොදන්නා නිසා නොවේ.

වත්මන් ආණ්ඩුවෙන් ගැලවී ගොස් යම් ස්වාධීනතාවක් උඩ කටයුතු කරන ජනාධිපතිවරයා විසින් ගනු ලබන කොමිසන් සභා තීරණ දිනෙන් දින කල් යමින් පවතී. එසේම මෑත කාලීන ඉතිහාසය තුළ ආණ්ඩු කරන ලද අයට එරෙහිව ගනු ලැබූ හා ආණ්ඩු පෙරළන ලද අවස්ථාවලදී පෙළ ගැසුණු විමර්ශන කොමිෂන් සඳහා නීතිමය ක්‍රියාමාර්ග සැබෑ අරමුණින් ගනු ලැබුවේ නම් දූෂිත, තක්කඩි, දේශපාලනඥයන්ගේ රජදහනක් බවට මේ රට පත්වන්නේ කෙසේද?

මෙයින් පෙනීයන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ පැවැති එක්සත් ජාතික පක්‍ෂය, යම් ස්වාධීනතාවක් උඩ පවතින රනිල් ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව අප පසුකර හමාගෙන යනු ලබන්නේ යහපාලන හා පොදු ජනතාව බලාපොරොත්තු වූ සුවඳ නොවන බව ඉතා පැහැදිලිය.

බලයට ඒමට වෙර දරන මහින්ද රාජපක්‍ෂ ප්‍රමුඛ පාර්ශ්වයන් කළ කී දෑ ජනතාවට අමතක වුණත් නැතත් මේ නිර්මාණය වීමට වෙර දරන්නේ තවත් ප්‍රතිගාමී කඳවුරක් බව අප සිතා ගත යුතුය. ධනවාදයේ නව ලිබරල් මොඩලය තුළ නොවෙසේ නම් රනිල් හෝ මහින්ද විසින් සිදුකරනු ලබන ක්‍රියාමාර්ග ජනතා සුබසිද්ධිය සඳහා ඉවහල් නොවන බවයි. ආණ්ඩු හැදීමට ජනතා ඡන්දය වුවමනා වුවත් ආණ්ඩු හදන්නේ මුදල් හුවමාරු කරන මන්ත්‍රිවරු බිලිබාන ආර්ථික බලවතුන්ය.

එච්.ඩී.එම්. වීරරත්න
වල්පොළ

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon