අත් නොහරින මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ධුරය

  👤  2464 readers have read this article !
By mawbima 2019-02-11

මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ධුරය සඳහා 2005.04.11 දින එවකට සිටි මධ්‍යම පළාත් ආණ්ඩුකාර මොන්ටි ගොපල්ලව මැතිතුමන් පත් කළ වෛද්‍ය ම්.ඒ.ඉ.ජ්. සමරසිංහ මහත්මිය 2018.09.26 දින විශ්‍රාම ගැනීමට නියමිතව තිබිණි.

ඒ වනවිට අඛණ්ඩව වසර 14කට අධික කාලයක් එකම තනතුරේ සේවය කර ඇත්තේ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ විධිවිධාන නියමයන් සියල්ල උල්ලංඝනය කරමින්ය.

2005න් පසුව පත්වූ ආණ්ඩුකාරවරුන් දෙදෙනකුගේ සහාය මත මෙලෙස සේවය කළ අධ්‍යක්ෂවරිය 2018 අප්‍රේල් මස මධ්‍යම පළාතට පත්කළ ර්ථී.ඕ. දිසානායක ආණ්ඩුකාරතුමා විසින් මධ්‍යම පළාත් සභාවේද විරෝධය නොතකා 2018.09.26 විශ්‍රාම දිනෙන් පසුව මාස 06ක් සේවා දිගුවක් ලබාදී ඇත්තේ සියලු චක්‍රලේඛ විධිවිධාන උල්ලංඝනය කරමිනි.

චක්‍රලේඛ උල්ලංඝනය වීම

1. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රය (2009.02.20) රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටික රීති ඔධ්ධ්ධ් වැනි පරිච්ඡේදයේ 154 වගන්තිය.

රජයේ සේවයෙන් විශ්‍රාම ලත් තැනැත්තෙක් නැවැත රාජ්‍ය සේවයේ යෙදවීමේ බලය රාජ්‍ය සේවා කොමිෂන් සභාව මත පමණක් පැවරෙන්නේය.

එලෙස පවතින නීතිමය තත්ත්වය නොසලකා ර්ථී.ඕ. දිසානායක හිටපු ආණ්ඩුකාරතුමා මෙම අධ්‍යක්ෂවරියට සේවා දිගුවක් ලබාදෙන්නේ සෞඛ්‍ය පෝෂණ අමාශ්‍යාංශයේ ලේකම් විසින් විධිමත් පරිදි මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ධුරය සඳහා පේරාදෙණිය රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂ ඩ්.ර්.ඒ. තිලකරත්න මහතා පත්කර තිබියදී එම පත්වීම නොසලකාය.

2. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ. 03/2018 හා 2018.02.20 දිනැතිව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් විසින් නිකුත් කළ චක්‍රලේඛය උල්ලංඝනය වීම.

එහි අංක 1 යටතේ වයස අවුරුදු 60 ඉක්මවූ විශ්‍රාමිකයකු රජයේ සේවයේ අනුමත තනතුරක සේවයේ නොයෙද විය යුතුය යන්න පැහැදිලිව සඳහන් කර ඇත.

එහි තවදුරටත් සඳහන් වන්නේ අනුප්‍රාප්තිකයකු සොයා ගත නොහැකි නම් කොන්ත්‍රාත් පදනම මත සේවා දිගුවක් ලබා දිය හැකි බවයි.

නමුත් රේඛීය අමාත්‍යාංශයෙන් මධ්‍යම පළාතට පත්කර එවන ලද වෛද්‍ය ඩ්.ර්.ඒ. තිලකරත්න මහතා පිළිනොගැනීම නීති රීති උල්ලංඝනය කිරීමකි. එලෙස කටයුතු කළ ආණ්ඩුකාර ලේකම්වරයා අද උසස්වීම ලැබ සිටීම තවත් විහිළුවකි.

3. ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ජනාධිපති ලේකම් විසින් නිකුත් කළ ඉර්ථී/4/3 හා 2016 දෙසැම්බර් 29 දිනැති සියලුම ආණ්ඩුකාරවරුන් වෙතද දන්වන ලද නියමය උල්ලංඝනය වීම එමඟින් ජනාධිපතිතුමන් පත්කරන ලද ආණ්ඩුකාරවරයකු විසින් ජනාධිපතිතුමාගේ උපදෙස් ක්‍රියාත්මක නොකිරීම සිදුවී ඇති අතර ර්ථී.ඕ. දිසානායක හිටපු ආණ්ඩුකාරතුමා ධුරයෙන් පහකිරීමට එයද හේතුවක් වන්නට ඇති බව සෞඛ්‍ය සේවාවේ කාර්ය මණ්ඩලය තරයේ විශ්වාස කරයි.

එම ලිපියේ සඳහන් වන්නේ "සේවා ස්ථානයක දීර්ඝ කාලයක් රැඳී සිටීම නිසා නිලධාරියාගේ මෙන්ම සේවා ස්ථානයේ අභිවෘද්ධියට හේතු නොවන බවත් එමඟින් සමස්ත රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවටද බලපෑමක් විය හැකි බව ජනාධිපතිතුමාගේද මතය බවත් කරුණාවෙන් සලකන්න" යන්නයි.

මෙලෙස එක් නිලධාරියෙක් නීත්‍යනුකූල නොවන වරප්‍රසාද ලැබීම තුළ ඇති වී ඇති අයහපත් තත්ත්වය සමාජයට බලපාන්නේ කෙසේද?

1. දෙපාර්තමේන්තු ප්‍රධානියකු ලෙස නීති විරෝධීව කටයුතු කිරීම තුළ කාර්ය මණ්ඩලයේ තමන්ට විරුද්ධ වන්නන්ගෙන් මේ වනවිට විවිධ පළිගැනීම සිදුකර තිබීම.

2. රජයේ මුදල් අවභාවිතය පිළිබඳ පිළිතුරු ලබාදී නැති හා පිළිතුරු ලබාදිය නොහැකි විගණන විමසුම් ගණනාවක් පැවැතීම.

3. රාජ්‍ය සේවයේ උසස්වීම් ලබාගැනීමට නොහැකිව ජේ‍යෂ්ඨ වෛද්‍ය පරිපාලන සේවයේ නිලධාරීන් විශාල පිරිසක් අසාධාරණයට ලක්වීම.

මේ වනවිට මෙම අධ්‍යක්ෂවරිය වයස 60න් පසුව මෙම තනතුරේ සිටීම මත රු. 95,000කට අධික වැටුප් හා දීමනා ලබා ගැනීම. මෙය රජයේ මුදල් අවභාවිතය සඳහා හිටපු මධ්‍යම පළාත් ආණ්ඩුකාර ර්ථී.ඕ. දිසානායක මහතාගේ අනුග්‍රහයක් යටතේ සිදුවීමක් බව ඉතා, පැහැදිලිය. මන්ද වර්තමානයේ වැටුප් ලබන ජේ‍යෂ්ඨ වෛද්‍ය පරිපාලන සේවයේ නිලධාරියකු රේඛීය අමාත්‍යාංශයෙන් පත්කර තිබියදී විශ්‍රාම ගත යුතු නිලධාරිනියට විශ්‍රාම වැටුපට අමතරව මේ ගන්නා රු. 95,000කට අධික මුදල රජයේ බදු ආදායමෙන් ගෙවන බැවින් එය සමස්ත රටවැසියාගේම රුපියලෙන් පෝෂණය වන තත්ත්වයට පත්කිරීම නිසාය.
මීට අමතරව රජයේ වාහන, දේපළ අවභාවිතය සම්බන්ධයෙන් වගකිව යුත්තේ කුවරුන්ද?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වගකීම විය යුත්තේ කුමක්ද?

සයිටම් විරෝධී හා රටට අයහපත් අණපනත් වෙනුවෙන් තම වෘත්තීය සමිතිය මෙහෙයවන රජයේ වෛද්‍ය නිලධාරි සංගමය මෙම අධ්‍යක්ෂවරිය වසර 14ක් තම සාමාජිකයකු හෝ වෘත්තිකයකු මෙලෙස කටයුතු කිරීමට එරෙහි නොවීම දැඩිව සමාජය තුළ විවේචනයට ලක් වන්නකි.

ප්‍රදීප් ධර්මසූරිය
මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන නිලධාරීන්ගේ සංගමයේ සභාපති

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon