බි්‍රතාන්‍ය සමයෙන් පසු ප්‍රථම වරට උතුරු දුම්රිය මඟ ප්‍රතිසංස්කරණයට

  👤  2558 readers have read this article !
By mawbima 2019-02-11

උපතිස්ස පෙරේරා

උතුරු දුම්රිය මාර්ගයේ මහව හන්දියේ සිට ඕමන්තේ දක්වා වූ කොටස පූර්ණ ප්‍රතිසංස්කරණය කටයුතු සඳහා මේ වසරේ අවසාන භාගයේ සිට මාස 8ක කාලයක් වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඉන්දියානු ණය සහන යෝජනා ක්‍රමය මත අනුරාධපුරය සිට ඕමන්තේ දක්වා සහ මහව හන්දියේ අනුරාධපුරය දක්වා අදියර ප්‍රතිසංස්කරණය කෙරෙන මෙම දුම්රිය මාර්ගය වසර සියයකට අධික කාලයකට පෙර බි්‍රතාන්‍ය ජාතිකයන් විසින් ඉදිකිරීමෙන් පසු මෙතෙක් ප්‍රතිසංස්කරණයකට ලක් කර නොමැති බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. ඉන්දියන් ඉර්කොන් සමාගම විසින් මෙම දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කළ පසු පැයට කිලෝමීටර් 100ක වේගයෙන් දුම්රිය ධාවනය කිරීමට හැකි වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය යන්තේ‍රා්පකරණ, වාහන ඇතුළු උපකරණ ඉදිරි මාස 6 තුළ මෙරටට ගෙන ඒමෙන් පසුව එහි ඉදිකිරීම් කටයුතු මෙම වසර අවසාන භාගයේදී ආරම්භ කරන බවත් ඒ අනුව මාස 8ක කාලයක් එම දුම්රිය මාර්ග කොටස වසා තැබෙනු ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

එම දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කෙරෙන කාලය තුළ උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුවේ සිට මහව හන්දිය දක්වාත් ඕමන්තේ සිට යාපනය හා කන්කසන්තුරේ දක්වාත් සීමා කෙරෙනු ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon