ලෝක බැංකු ආධාර යටතේ කෘෂි නවීකරණ ව්‍යාපෘතියකට ඇමැති හැරිසන් අත ගසයි

  👤  2490 readers have read this article !
By mawbima 2019-02-11

නුවන් හෙට්ටිආරච්චි

දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපොළටද ගැළපෙන ඉල්ලුමක් ඇති බෝග ප්‍රචලිත කිරීම සඳහා "කෘෂි නවීකරණ ව්‍යාපෘතියට" ලෝක බැංකු මූල්‍යාධාර යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 58ක මුදලක් ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ ණය ප්‍රදානයක් අනුව ලැබුණ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ මේ වැඩසටහන සියලු දිස්ත්‍රික්ක පුරා ව්‍යාප්ත කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙසය.
තරගකාරී නිෂ්පාදන හා කෘෂිකර්මාන්තය සඳහා නවීන

තාක්ෂණය භාවිත කිරීම පිළිබඳව මේ ව්‍යාපෘතිය මඟින් ගොවීන් දැනුවත් කරන අතර වගා කිරීමට විවිධ බීජ ප්‍රභේද හඳුන්වා දීමද මේ තුළින් සිදුකෙරෙන බවද කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.
අන්නාසි, වැල් ‍ෙදාඩම්, ලොකු ලූනු, අඹ හා බිම්මල් වැනි ඉල්ලුමක් සහිත බීජ වර්ග හඳුන්වා දෙන මේ කෘෂි නවීකරණ ව්‍යාපෘතිය මඟින් ගොවියාට වගා කටයුතු වෙනුවෙන් මූල්‍යාධාර සැපයීමක්ද සිදු කෙරෙන බවද ආමාත්‍යවරයා පවසයි.

උතුරු නැඟෙනහිර පළාත් තුළ නව දේශීය රට කජු ප්‍රභේද හඳුන්වා දෙන අතර මේ වනවිට 'මොමි. ඊ.ජේ.ඩී.' අඹ ව්‍යාපෘතිය ද මාතලේ, යාපනය හා මොනරාගල දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කෙරෙන බවද සඳහන් කරන කෘෂිකර්ම ආමාත්‍යාංශ දැනට අඹ ගොවීන් 440 දෙනකුට නවීකරණ ව්‍යාපෘතිය හඳුන්වා දී ඇති බවද පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon