මෙරට විශාලතම ආයෝජන ප්‍රවර්ධන කලාපය ලබන 4දා අගමැති ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

  👤  2603 readers have read this article !
By mawbima 2019-02-11

ශිරාන් රණසිංහ

ඉදිකිරීම් කටයුතු නිමාවට පත්වෙමින් තිබෙන මෙරට විශාලතම ආයෝජන ප්‍රවර්ධන කලාපය වන "බිංගිරිය වෙළෙඳ කලාපය" ලබන මාර්තු මස 04 වැනිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ.

බිංගිරිය ආයෝජන ප්‍රවර්ධන කලාපය අක්කර 800කට ආසන්න භූමි ප්‍රදේශයක පැතිර ඇති අතර එය බියගම හා කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපවලට වඩා විශාල එකකි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්තු මස 04 වැනිදා "බිංගිරිය" නව ආයෝජන කලාපය විවෘත කිරීමත් සමඟ එම ප්‍රදේශයේ ජීවත්වන තරුණ තරුණියන්ට මෙන්ම මෙරට ලක්ෂ සංඛ්‍යාත පිරිසකට රැකියා හා ජීවනෝපය මාර්ග සැලසෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමත් සමඟ කුරුණෑගල ප්‍රධාන නගරයක් බවට පත්වන අතර බිංගිරිය අයෝජන ප්‍රවර්ධන කලාපයේ නිෂ්පාදන කඩිනමින් ප්‍රවාහනය කිරීමටද ඒ අනුව පහසුකම් සැලසෙන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටී.

මීට අමතරව කුරුණෑගල නගරය හා අවට ප්‍රදේශ සංචාරක ආකර්ෂණය දිනා ගන්නා ප්‍රදේශයක් බවට පත් කිරීමට සැලසුම් කර තිබෙන අතර තරු පහේ හෝටලයක් දෙකක් ද ඉදිකිරීමට නියමිතව තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon