ඇමැති රන්ජන්ගේ ලේකම්වරයකුට පහරදුන් ත්‍රිරෝද රියැදුරා රිමාන්ඩ්

  👤  2579 readers have read this article !
By mawbima 2019-02-11

කුමුදු උපුල් ශාන්ත

සිරිකොත එ.ජා.ප. පක්ෂ මූලස්ථානයේ සිට මෝටර් රථයකින් සිය නිවෙස බලා යමින් සිටි අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකුට අමානුෂිකව පහරදුන් බව කියන සැකකාර ත්‍රිරෝද රථ රියැදුරකු අද (11දා) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් වසන්ත කුමාර මහතා නියෝග කළේය.

වේරහැර ප්‍රදේශයේ පදිංචිකරුවකු බව කියන අඛිල චානක නමැත්තකු එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර මෙම පහරදීම පෙරේදා (9දා) පස්වරුවේ ඇඹුල්දෙණිය හන්දිය ප්‍රදේශයේදී සිදුව ඇති බවද අනාවරණය වෙයි.

එම සැකකාර පුද්ගලයා පැමිණිලිකාර සම්බන්ධීකරණ ලේකම්වරයාගේ මෝටර් රථය ලුහුබැඳ පැමිණ ඇඹුල්දෙණිය හන්දියේදී පහරදී ඇති බවද සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන 119 හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව සැකකරු එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. මෙම පහරදීමේ සිද්ධිය අනාවරණය කර ගැනීමට උත්සාහ කළද සැකකාර පුද්ගලයා ඒ බව හෙළි නොකරන බවද පවසන පොලිසිය අධිකරණය හමුවේ වැඩිදුරටත් දන්වා සිටියේ ඉහත කී සම්බන්ධීකරණ ලේකම්වරයා ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබන බවය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon