ඇමැති ගණන වැඩිකර ගන්න ජාතික රජයකට යනවාට අපි විරුද්ධයි

  👤  2530 readers have read this article !
By mawbima 2019-02-11

උපතිස්ස පෙරේරා

අමාත්‍යවරුන් ගණන වැඩිකර ගැනීමේ අරමුණින් ජාතික රජයක් පිහිටුවීමට එජාප පසුපෙළ මන්ත්‍රිවරුන් මෙන්ම එක්සත් ජාතික පෙරමුණු රජයේ හවුල්කාර පක්ෂද විරුද්ධ වන බව එජාපෙ පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉඳුනිල් මහතා ප්‍රකාශ කරයි.

රජයේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍යවරුන් ගණන වැඩිකර ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බවට එජාපෙ ප්‍රබලයන් නඟන තර්කයට කිසිසේත් එකඟවිය නොහැකි බව පෙන්වා දෙන මන්ත්‍රිවරයා රටේ ආර්ථික තත්ත්වය සහ රජයේ කාල සීමාව අනුව එය නොකළ යුත්තක් බවද පෙන්වා දෙයි.

ප්‍රාදේශීය සංවර්ධන කැබිනට් නොවන අමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන් මහතාද පෙන්වා දෙන්නේ ඇමැතිවරුන් පිරිස වැඩිකිරීම මේ අවස්ථාවේ නොකළයුත්තක් බවයි.

එජාපෙ රජයේ ඇතැම් තීන්දු තීරණ පිළිබඳව යම් ගැටලු මතුව ඇතැයි පෙන්වා දෙන එජාපෙ පසුපෙළ මන්ත්‍රිවරු ඒ පිළිබඳව මෙවර අයවැය ලේඛනය ඉදිරිපත් කළ විට අවධානය යොමු කරන බවද සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon