ජීවන තත්ත්වය සොයන්න අගමැති 13 වැනිදා උතුරේ සංචාරයක

  👤  2510 readers have read this article !
By mawbima 2019-02-11

ශිරාන් රණසිංහ

උතුරේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත් කිරීම සහ එම ප්‍රදේශයේ ජනතාවගේ වත්මන් ජීවන තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන 13 වැනිදා උතුරේ සංචාරයක නිරත වේ.

රජයේ මැති ඇමැතිවරු කිහිපදෙනකුද මෙම සංචාරයට එක්වීමට නියමිත අතර 13,14,15,16 යන දිනවල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ මැති ඇමැතිවරු එම ප්‍රදේශයේ සංචාරය කරමින් නිමා කර ඇති සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත් කිරීමට නියමිතය. මීට අමතරව අලුත් සංවර්ධන ව්‍යාපෘති රැසකට මුල්ගල් තැබීමට කටයුතු යොදා තිබෙන බවද අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජේ‍යෂ්ඨ ප්‍රකාශකයෙක් 'මව්බිම'ට පැවැසීය.

මෙහිදී ජනහමු කිහිපයක් ද පැවැත්වෙන අතර යුද්ධය නිම වී වසර දහයක් ගෙවී ඇති මොහොතේ උතුරේ ජනතා ප්‍රශ්න විසඳීමට ගත හැකි කඩිනම් විසඳුම් කවරේද යන්න සොයා බැලීම මෙම සංචාරයේ තවත් අරමුණක් වී තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon