අරණායක කලබැගෑනිය පුවත ගැන පැහැදිලි කිරීමක්

  👤  1991 readers have read this article !
By mawbima 2019-01-23

'අරණායකට ලලිත් දිසානායක යෝජනා කිරීමෙන් කලබැගෑනියක්. කබීර් - තලතා නැඟිට යති' යන හිසින් ඊයේ (22දා) 'මව්බිම' මුල් පිටුවේ පළවූ පුවත සම්බන්ධයෙන් අප වෙත පැහැදිලි කිරීමක් එවා ඇත.

මේ සම්බන්ධයෙන් ලිපියක් යොමු කරමින් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියගේ මාධ්‍ය ලේකම්වරයා දන්වන්නේ මෙම අවස්ථාවේ එවැනි ගැටුම්කාරී තත්ත්වයක් ඇති නොවූ බවත් මෙම හමුව සඳහා අමාත්‍ය කබීර් හෂීම් මහතා සහභාගි නොවූ බවත්ය.

පෙරේදා (21දා) දිනයේ අරණායක මැතිවරණ කොට්ඨාසයට එජාප ආසන සංවිධායකවරයකු තෝරාපත් කර ගැනීම සම්බන්ධයෙන් අරණායක ප්‍රා. සභා මන්ත්‍රින්, නීති නිලධාරීන් හා කලාප සංවිධායකවරුන් මුණ ගැසී වාර්තාවක් ලබා ගන්නැයි අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියට සිරිකොතින් උපදෙස් ලැබී තිබුණ බවද එම ලිපියේ සඳහන්ය.

ඒ අනුව පෙරේදා (21දා) කෑගල්ල අඹන්පිටිය එජාප කාර්යාලයේදී අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය අරණායක ආසනයේ ක්‍රියාකාරි සාමාජිකයන් 51 දෙනකු තනි තනිව මුණ ගැසුණු බවද එම ලිපියේ දැක්වේ.
මේ අතර මහාමාර්ග හා මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ මාධ්‍ය ලේකම්වරයකු ලිපියක් යොමු කරමින් සඳහන් කරන්නේ අමාත්‍යවරයා එදින මාවනැල්ලේ සිය පක්ෂ කාර්යාලයේ පැවැති මහජන දිනයට සහභාගි වෙමින් පසු කොළඹ බලා ගිය බවයි.

මෙම පුවත හේතුවෙන් අමාත්‍යවරුන් දෙපළටම සිදු වූ අපහසුතාව පිළිබඳව අපගේ බලවත් කනගාටුව පළ කරමු.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon