චන්ද්‍රිකාට රනිල්ට අල්ලස් දූෂණ පරීක්ෂණ තවම නෑ

  👤  2009 readers have read this article !
By mawbima 2019-01-23

"මීට වසර අටකට පමණ ඉහතදී ජනාධිපතිවරියක් විසින්් පෞද්ගලික ආයතනයකට රාජ්‍ය දේපළක් පැවරීමට එරෙහිව පැවති නඩුවකදී එම පැවරීම අවලංගු කරමින් ශේ‍ර්ෂ්ඨාධිකරණය...

තීන්දුවක් ලබාදී, මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට නියෝග කළත්, ඒ සම්බන්ධයෙන් කුමක් සිදුවුණාදැයි ශේ‍ර්ෂ්ඨාධිකරණය අද වන තුරුත් දන්නේ නැහැ" යි, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රි වාසුදේව නානායක්කාර පැවසීය.

'මම අගමැතිතුමාට විරුද්ධවත් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට පැමිණිලි කළා. ඒ සම්බන්ධයෙන් මගෙන් ප්‍රකාශයක් ලබාගත්තා. අද වනතුරු ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් නැහැ.'
"අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ පැමිණිලි විශාල සංඛ්‍යාවක් ගොඩගැසී තිබෙනවා. පැමිණිලි විභාග කෙරෙන්නේ නැහැ."

"අගමැතිවරයාට විරුද්ධව බටලන්ද කොමිෂන් සභාව සිදුකළ පරීක්ෂණයේදී, ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බව නිර්දේශ කර තිබෙනවා."

"මම අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට පැමිණිලි කළ පුද්ගලයා එනවා. තමුන්නාන්සේලාගේ අගමැතිවරයා ඔන්න එනවා."

ලක්ෂ්මන් කිරිඇල්ල - "බටලන්ද කොමිෂන් සභාවෙන් එතුමා නිදහස් කරල තියෙන්නේ. මන්ත්‍රිතුමා මේ සභාව නොමඟ යවනවා."

වාසුදේව නානායක්කාර - "අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට මා කළ පැමිණිලි ගැන අද වනතුරු පරීක්ෂණ කරලා නැහැ. නීතිපතිවරයාට කොයිතරම් ලියුම් යැව්වත් ඒවාට පිළිතුරු ලැබෙන්නේ නැහැ. අඩුතරමින් මන්ත්‍රිවරයකු යවන ලිපියකටවත් පිළිතුරු එවන්නේ නැහැ."

ගාමිණී ජයවික්‍රම පෙරේරා - "අගමැතිතුමා, බටලන්ද කොමිසමට විතරක් නොවේ බැඳුම්කර කොමිසමටත් ගිහින් සාක්ෂි දුන්නා."

වාසුදේව නානායක්කාර - "ඔව්, සාක්ෂි දුන්නා, නීතිපතිගෙන් ප්‍රශ්න ගෙන්නගෙන, සාක්ෂි දුන්නා. අපි දන්නවා."

අගමැති - "කොමිෂන් සභා පටලවගන්නා අය ගැන මොනවද කතා කරන්නේ."

(අගමැතිවරයා සභාවෙන් පිටව යයි)

වාසුදේව නානායකාර - "ඔව්, තමුන්නාන්සේ දන්නෙ එහෙම කියල පිටවෙලා යන්න. අපි දන්නවා මොනවද සිද්ධ වුණේ කියලා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon