කලම්බු එෆ්.සී. පෙරමුණට එයි

  👤  1933 readers have read this article !
By mawbima 2019-01-23

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන 'ඩයලොග් චැම්පියන්ස් ලීග් 2018' පාපන්දු තරගාවලියේ 12 වැනි අදියරේ අවසන් තරග ලෙස පසුගියදා (21දා) පැවැති ඩිෆෙන්ඩර්ස්-නේවි සී හෝක්ස් තරගය ගෝල 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමාවට පත්වෙද්දී ජාවාලේන්-පෙලිකන්ස් තරගය ගෝල 3-1ක් ලෙස ජයගන්නට ජාවාලේන් කණ්ඩායමට හැකි විය.

වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති ඩිෆෙන්ඩර්ස්-නේවි සී හෝක්ස් තරගයේ 34 වැනි මිනිත්තුවේදී එම්.එන්.එම්.ඉසදීන් ඩිෆෙන්ඩර්ස් කණ්ඩායම වෙනුවෙන් ගෝලයක් වාර්තා කළ අතර 50 වැනි මිනිත්තුවේදී එම්.ඒ.එම්.සහිල් නේවි සී හෝක්ස් වෙනුවෙන් ගෝලයක් වර්තා කළේය.

කොළඹ, සිටි පාපාන්දු සංකීර්ණයේදී පැවැති ජාවාලේන්-පෙලිකන්ස් තරගයේ පළමු අර්ධයේදී ජාවාලේන් වෙනුවෙන් ගෝල 3ක්ම වාර්තා වීම කැපී පෙනුණි. 11 වැනි මිනිත්තුවේදී නවීන් ජූඩ්, 21 වැනි මිනිත්තුවේදී මොහොමඩ් සෆ්රාන්, 32වැනි මිනිත්තුවේදී මාලක පෙරේරා එම ගෝල වාර්තා කළ අතර පෙලිකන්ස් වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලය 60 වැනි මිනිත්තුවේදී එම්.එම්.සාහිඩ් විසින් වාර්තා කරන ලදී.

කෙසේ වෙතත් මෙම තරගාවලියේ 12 වැනි අදියර අවසානයේ ලකුණු සටහනේ පෙරමුණ ගන්නට කළම්බු එෆ්.සී., ඩිෆෙන්ඩර්ස්, බ්ලූ ස්ටාර් යන කණ්ඩායම් ත්‍රිත්වය සමත්ව ඇත්තේ මෙතෙක් සහභාගි වූ තරග 12න් තරග 8ක් ජයගෙන, 3ක් ජය පරාජයෙන් තොරව අවසන් කරගනිමින් හා එක් තරගයක් පරාජයට පත්වීමෙනි. නමුත් ප්‍රතිවාදීන් ලබාගත් ගෝල පරතරය අනුව කළම්බු එෆ්.සී පළමු ස්ථානයෙත්, ඩිෆෙන්ඩර්ස් දෙවැනි ස්ථානයෙත්, බ්ලූ ස්ටාර් තෙැවැනි ස්ථානයෙත් පසුවෙන අතර තරග 7ක් ජයගෙන, 3ක් ජය පරාජයෙන් තොරව නිමාවට පත්වී, තරග දෙකක් පරාජය වී ඇති නේවි සී හෝක්ස් සිව්වැනි ස්ථානයේ පසුවෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon