තහනම් උත්තේජක ගත් කබඩි ක්‍රීඩකයන් දෙදෙනක් මාට්ටු

  👤  1958 readers have read this article !
By mawbima 2019-01-23

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී පැවැති 44 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ කබඩි තරග සඳහා සහභාගි වූ ක්‍රිඩකයකු හා ක්‍රීඩිකාවක තහනම් උත්තේජක ලබාගත් බවට වාර්තා වේ. එම ක්‍රීඩා උළෙල අතරතුරදී අහඹු ලෙස ලබාගත් මුත්‍රා සාම්පලවලින් එම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව තහනම් උත්තේජක ලබාගෙන ඇති බව තහවුරු වී ඇති අතර ක්‍රීඩකයා දකුණු පළාතෙන්ද ක්‍රීඩිකාව සබරගමු පළාතෙන්ද ජාතික මහා ක්‍රීඩා උළෙල නියෝජන කර ඇතැයි පැවැසේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සීවලී ජයවික්‍රම මහතාගෙන් විමසූවිට අදහස් දැක්වූ ඒ මහතා ' එහෙම දෙයක් වෙලා තියෙනවා.

තහනම් උත්තේජක ලබාගත් බවට වාර්තාවෙ තහවුරු වුණාට පසුව අපි එම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව අදාළ මව් සංගමය දැනුවත් කළා. ඔවුන්ට තාවකාලික තහනමක් පණවලා තිබෙනවා. ඊළඟ පියවර තමයි 'බී' සාම්පල පරීක්ෂාවකට ලක් කිරීම. එම පරීක්ෂණයට යනවද නැද්ද කියන එක තීරණය වන තෙක් අපි එම ක්‍රීඩකයාගේ සහ ක්‍රීඩිකාවගෙ නම් ප්‍රසිද්ධ කරන්නෙ නැහැ." යැයි පැවසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon