2018 වසරේ ලොව හොදම විනිසුරුවා ධර්මසේන

  👤  2005 readers have read this article !
By mawbima 2019-01-23

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී.) 2018 වසරේ හොඳම විනිසුරුවරයාට හිමිවන ඩේවිඩ් ශෙපර්ඩ් සම්මානය ශ්‍රී ලංකාවේ කුමාර ධර්මසේනට හිමි වී ඇති අතර, මෙම සම්මානයෙන් පිදුම් ලැබූ දෙවැනි අවස්ථාව මෙයයි. මෙයට පෙර එනම් 2012 වර්ෂයේදී ධර්මසේන හොඳම විනිසුරුවරයා ලෙසින් පළමු වරට ඩේවිඩ් ශෙපර්ඩ් සම්මානයෙන් පිදුම් ලබා තිබිණි. මේ අතර ඉන්දීය නායක විරාත් කෝලි 2018 වසරේ අයි.සී.සී. සම්මාන තුනකට හිමිකම් කීම කැපී පෙනෙන අතර එකම වර්ෂයකට අදාළව සම්මාන තුනකට හිමිකම් කියූ ලොව පළමු ක්‍රීඩකයා ලෙසින් කෝලි ඉතිහාසයට එක්වෙයි.

ඒ අනුව කෝලි අයි.සී.සී. වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි වන සර් ග්‍රාෆිල්ඩ් සෝබර්ස් සම්මානය, අයි.සී.සී. වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි වන සම්මානය සහ අයි.සී.සී. වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි වන සම්මානය යන සම්මාන තුනම දිනා ගැනීමට සමත් වී තිබේ. තවද වසරේ අයි.සී.සී. එක්දින සහ ටෙස්ට් කණ්ඩායම් දෙකටම නම් කර ඇති ඉන්දීය නායක කෝලි හට එම කණ්ඩායම් දෙකෙහිම නායකත්වය හිමි වී තිබීමද කැපීපෙනෙන සිදුවීමකි.

තවද ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න අයි.සී.සී. වසරේ ටෙස්ට් කණ්ඩායම සඳහා නම් කර ඇති අතර අයි.සී.සී. වසරේ එක්දින කණ්ඩායමේ ස්ථානයක් දිනා ගැනීමට කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයකුට නොහැකිවීමද විශේෂත්වයකි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon