සියලු පළාත් සභාවල මහ ඇමැතිවරුන් නිසි බලයක් ඉල්ලනවා

  👤  2021 readers have read this article !
By mawbima 2019-01-23

දමිළ ජාතික සන්ධානය සමඟ රහස් ගිවිසුමක් හෝ රහස් සාකච්ඡාවක් නොමැතිඵ බව රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේය.

ඔවුන් සමඟ පැවැති සියලු සාකච්ඡා සඳහා තමන් සහභාගි වුණු බවත් ඒ සියල්ලේදී දමිළ ජාතික සන්ධානය ඉල්ලා සිටියේ දකුණට කරන සංවර්ධනය උතුරටද හිමි කර දෙන ලෙස පමණක් යැයි එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසූ ඒ මහතා රටේ සංවර්ධනය උදෙසා උතුර හා නැඟෙනහිර දේශපාලන පක්ෂ සමඟ එක්ව ක්‍රියාකරන බවද පැවැසීය. තවදුරටත් මෙසේද පැවැසීය.

දමිළ ජාතික සන්ධානය සමඟ අපි සාකච්ඡා කෙළේ විවෘතවයි. දෙපාර්ශ්වය අතර ඔය කියන රහස් සාකච්ඡා හෝ ගිවිසුමක් නැහැ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ කෙටුම්පතක් ඉදිරිපත් කර නැති මෙම අවස්ථාවක ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ඇතැම් පිරිස් ආණ්ඩුවට චෝදනා කරන්නේ ජනතාව තුළ බොරු බියක් ජනිත කරවීමටයි.

අපි පාර්ලිමේන්තුවට තවමත් ව්‍යවස්ථාවක් ඉදිරිපත්කර නැහැ. අපි ඉදිරිපත් කර තිබෙන්නේ යෝජනාවලියක් විතරයි. ව්‍යවස්ථාවක් සම්මත කරනවා නම් එය කෙටුම්පත් කොට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ සම්මතයක් ලබාගත යුතුයි. ඉතිහාසයේ පළමුවැනි වතාවට දමිළ පක්ෂ පවා ඒකීය රාජ්‍ය සංකල්පය අද පිළිගන්නවා. එම පක්ෂ බුදු දහමට ප්‍රමුඛස්ථානය හිමි විය යුතු බවත් පිළිගන්නවා.

ඔවුන් උතුර බෙදීමක් පිළිබඳව සාකච්ඡා කරලා නැහැ. නමුත් දකුණු පළාත ඇතුළුව පළාත් මහ ඇමැතිවරුන් පළාත් සභාවට විධිමත් බලයක් අවශ්‍ය යැයි ප්‍රකාශ කර තිබෙනවා. උතුරේ පක්ෂ දකුණේ පක්ෂය සමඟ එක්ව කටයුතු කිරීම විශාල ජයග්‍රහණයක්.

මහනුවර -
නදීක දයා බණ්ඩාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon