මාධ්‍ය නිවැරැදි දේ රටට කිව්වාම ඇත්ත නැත්ත ජනතාව තේරුම් ගනියි

  👤  1980 readers have read this article !
By mawbima 2019-01-23

අද වන විට මේ රටේ පාලකයන්ට වඩා මාධ්‍ය ආයතනවලින් රටේ ජනතාවට විශාල සේවාවක් සිදුවෙනවා. එලෙස ජනතාවට ඇත්ත කියන සේවාවක් සපයන මාධ්‍ය ආයතන දඩයම් කිරීම සඳහා ගන්නා උත්සාහය තමන් දැඩි ලෙස හෙළා දකින බව උතුරු - නැඟෙනහිර උප ප්‍රධාන සංඝනායක මඩකළපුව මංගලාරාමාධිපති, අම්පිටියේ සුමනරතන හිමියෝ සඳහන් කළහ.

මඩකළපුව කෙවිලියාමඩුව අභිනවාරාම විහාරස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.

වැඩිදුරටත් අදහස් දැක්වූ අම්පිටියේ සුමනරතන හිමියන්, රටේ පවතින නියම තත්ත්වයන් පිළිබඳව රටට ආදරයෙන් කතා කරන දේවල් රටට ගෙනියන්නේ මාධ්‍ය ආයතනයි. ඒ මාධ්‍ය ආයතන දඩයම් කරන්න හදනවා නම් රටට ආදරය කරන භික්ෂුන් වහන්සේලා හැටියට අපිට තවදුරටත් නිහඬව ඉන්න බැහැ.

අද වන විට හිරු, දෙරණ, සිරස, මව්බිම යන මාධ්‍ය ආයතනවලට ඍජුවම තර්ජන ඇති වෙලා තියෙනවා. රටේ අගමැතිවරයා අත දික්කර පෙන්වනවා කළු මාධ්‍ය කියලා. රටක අගමැතිවරයකුට ඒ වගේ කතා කරන්න පුළුවන්ද? ඊයේ පෙරේදා දිනයක කළු ඇඳුම් ඇඳ ගත්ත කණ්ඩායමක් මාධ්‍ය ආයතන ඉදිරිපිටට ගිහින් විරෝධතාවක් පවත්වනවා අපි දැක්කා. මේ විරෝධය පිටුපස ඉන්නෙත් ආණ්ඩුවේ හෙංචයියන්.
මහ බැංකුව හොරා කන කොට ඔය මුහුණු බැඳගෙන ආපු අය කොහේද දන්නෙ නැහැ හිටියේ.

මොකද මම එහෙම කියන්නේ මහ බැංකුව හොරා කාලා වෙච්ච කොල්ලය පළමුවෙන්ම රටට කිව්වේ මාධ්‍ය.

අපි මාධ්‍යයට කියනවා ඔබ නිවැරැදි දේ පළ කරන්න කටයුතු කරන්න. එතකොට ජනතාව සත්‍ය තේරුම් ගනියි. තවදුරටත් මාධ්‍යට එරෙහිව ආණ්ඩුව කටයුතු කරන්නේ නම් එයට විරුද්ධව නැඟී සිටීමට අපට සිදුවෙනවා.

අම්පාර - ධනුෂ්කා දිල්හානි

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon