ශ්‍රී ලංකාවේ විදුලිබල සංවර්ධනය සඳහා කැනඩා සහාය

  👤  1975 readers have read this article !
By mawbima 2019-01-23

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

ශ්‍රී ලංකාවේ විදුලිබල සංවර්ධනය වෙනුවෙන් කැනඩාවේ සහ ප්‍රංශ රජයේ සහාය ඉදිරි කාලයේදී හිමි වන බව විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.

වසර 2020 වන විට ලංකාව ප්‍රමුඛ සමස්ත ලෝකය හමුවේ ඇතිවිය හැකි බලශක්ති අර්බුදයට පිළියම් සෙවීම අරමුණු කර ගනිමින් විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක සහ ප්‍රංශ සහ කැනඩා තානාපතිවරුන් අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි.

මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව අනුගමනය කරන පුනර්ජනනීය බලශක්ති ප්‍රබවයන් පිළිබඳ විශේෂ සැලකිල්ලක් ප්‍රංශ සහ කැනඩා රජයන් දක්වා ඇත.

මෙහිදී රවි කරුණානායක මහතා ප්‍රකාශ කර ඇත්තේ ලංකාව වැනි රටවල් මුහුණ පාන බලශක්ති අර්බුදය අවම කර ගැනීම සඳහා ප්‍රංශ සහ කැනඩා රජයන් අනුගමනය කරන ක්‍රියාමාර්ග සහ තාක්ෂණික සහාය ලබා ගැනීමට ඉදිරියට බලාපොරොත්තු වන බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon