මවුපිය සෙනෙහසින් සිවුමස් බිලි¼දාගේ ජීවිතය රැකෙයි

  👤  2050 readers have read this article !
By mawbima 2019-01-23

සිය සැමියා සමඟ පැමිණිල්ලක් දැමීම සඳහා පැමිණි කාන්තාවක අත දරා සිටි සිවුමස් වයසැති බිලි¼දකුට මවුකිරි පිට උගුරේ යෑමෙන් සිහිසුන් වූ අවස්ථාවේදී මාලිගාවත්ත පොලිසියේ නිලධාරිනියන්ගේ හා නිලධාරීන්ගේ උත්සාහයෙන් බිලි¼දාට යළි ජීවය ලබා දී රෝහල් ගත කිරීමට හැකියාව ලැබී ඇත.

මාලිගාවත්ත ඛෙත්තාරම අලුත්පාර ප්‍රදේශයේ මෙම යුවළ සිටින නිවෙසේ විදුලිය සම්බන්ධ ගැටලුවක් ස්ථානාධිපතිවරයා හමු වී පැවසීමෙන් අනතුරුව ඔවුන් දෙපළව සුළු පැමිණිලි අංශය වෙත යොමුකර ඇත.

පසුව තමන්ට අවස්ථාව ලැබෙන තෙක් කාන්තාව බිලි¼දාට සිය කිරි පොවමින් සිට ඇති අතර විනාඩි දහයකින් පමණ පසු ඇයගේ සැමියා කැඳවූ පොලිස් කොස්තාපල් ජයන්ත (55132) මහතා පැමිණිල්ල සටහන් කිරීමට පෙර ඒ පිළිබඳව විමසා තිබේ. ඒ අවස්ථාවේ එකවරම හිඳ සිටි අසුනෙන් බිලි¼දා ද අතැතිව නැඟී සිටි කාන්තාව "අනේ මගේ දරුවාට මොකක්ද වෙලා සිහි නැහැ මගේ දරුවා බේර ගන්න අයියෝ" යැයි මහ හ¾ඩින් කෑ ගසමින් හඬා වැටෙමින් පොලිස් ස්ථානයෙන් පිටතට දිවගොස් ඇත. ඇයගේ කෑගැසීමෙන් අන්දමන්ද වූ මුළු පොලිස් ස්ථානයේම නිලධාරීන් මෙන්ම නිලධාරිනියන්ද ඇය වටකරගෙන ඇති අතර පොලිස් කොස්තාපල්වරයකු මවගෙන් බිලි¼දා ලබාගෙන තිබිණි.

ඒ අතර සිටි කාන්තා පොලිස් කොස්තාපල් සන්ධ්‍යා කුමාරි (7556) හා අජන්තා (4211) යන මහත්මීන් බිලි¼දාට සිදු වූ දේ ඉවෙන් මෙන් හඳුනාගෙන අප්‍රාණිකව සිටින දරුවා එම ස්ථානයේම තිබූ පොලිස් යතුරුපැදියක අසුන මත තබා පිට ප්‍රදේශය ස්පර්ශ කිරීමත් සමඟ බිලි¼දාගේ පිය වී තිබූ දෑස් විවර වී තිබේ.

එහිදී බිලි¼දාගේ මවුපිය දෙපළ මෙන්ම එම ස්ථානයේ සිටි මාලිගාවත්ත පොලිසියේ කාර්ය මණ්ඩලයේ පමණක් නොව විවිධ ගැටලුවලට පොලිස් ස්ථානයට පැමිණි එම සියලු දෙනාට ම¼ද අස්වැසිල්ලක් වන්නට විය.

විනාඩි කිහිපයකදී සිදුවූ එම සිද්ධිය අතරතුර රාජකාරි අවශ්‍යතාවට නිල කාමරයෙන් පිටතට පැමිණි මාලිගාවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බී.එන්. ඒකනායක මහතා වෙත දිවගිය අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප්‍රභාත් ගුණරත්න මහතා බිලි¼දාට හදසියේම වූ ඇබැද්දිය පැවැසීම නිසා රාජකාරි ගමන පසුවට කල් තැබූ ස්ථානාධිපතිවරයා බිලි¼දාව මව හා පියා සමඟ වහාම බොරැල්ල ළමා රෝහලට රැගෙන යන ලෙස උපදෙස් දී ඇත. එහිදී විනාඩි දහයකටත් අඩු කාලයක් තුළදී බිලි¼දා රෝහල් ගත කිරීමට අවකාශ ලැබී තිබිණි.

මාලිගාවත්ත පොලිසියේ නිලධාරිනියගේ මවු සෙනෙහසත් - නිලධාරීන්ගේ පිය සෙනෙහසත් එම සිදුවීම වී විනාඩි කිහිපයක කෙටි කාලය තුළදී ක්‍ෂණිකව ලැබීමෙන් සැනසුම් සුසුමක් හෙළීමට හැකිවූ බව එම සිද්ධිය ඇසින් දුටු වැඩිහිටියෙක් පැවසීය. මාලිගාවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස්

පරීක්ෂක බී.එන්. ඒකනායක - අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප්‍රභාත් ගුණරත්න, පොලිස් කොස්තාපල් ජයන්ත (55132), කෝනාර (91953), කාන්තා පොලිස් කොස්තාපල් අජන්තා (4211), සන්ධ්‍යා කුමාරි (7956) යන මහත්ම මහත්මීන්ගේ කැපවීමෙන් මුළු පොලිසියේ කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් සිවු මස් බිලි¼දාට ජීවත් වීමේ වාසනාව උදා විය.

කොළඹ - එම්.සී. පෙරේරා

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon