අරණායකට ලලිත් දිසානායක යෝජනා කිරීමෙන් කලබැගෑනියක්

  👤  3066 readers have read this article !
By mawbima 2019-01-22

දමුණුපොළ - චමින්ද ජයලත්

අමාත්‍ය කබිර් හෂීම් හා ඇමැතිනි තලතා අතුකෝරල මහත්මියගේ මූලිකත්වයෙන් ඊයේ (21දා) අරණායක එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරයා ලෙස හිටපු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා පත්කර ගැනීමට යෑමේදී දැඩි උණුසුම් වාතාවරණයක් ඇති වීමෙන් ඇමැතිවරුන් දෙපළ එම ස්ථානයෙන් පිටව ගොස් ඇතැයි වාර්තා වෙයි.

අරණායක හිටපු එ.ජා.ප. ආසන සංවිධායක නිමල් ජයසිංහ මහතා මීට මාස කීපයකට ඉහතදී ඉල්ලා අස්වූ අතර අරණායක ආසනයට මෙතෙක් ආසන සංවිධායකවරයකු පත් කර නොතිබිණි. එම පුරප්පාඩුව පිරවීම සඳහා හිටපු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා අරණායක සංවිධායක ධුරයට පත් කිරීමට යෝජනා ඉදිරිපත් වී තිබිණි.

ඊයේ කෑගල්ල අඹන්පිටිය පක්ෂ කාර්යාලයේදී ඇමැති කබීර් හෂීම්, ඇමැතිනි තලතා අතුකෝරල මහත්මියගේ ප්‍රධානත්වයෙන් මධ්‍ය බල මණ්ඩලය විසින් ඡන්ද විමසීමක් සිදු කර තිබිණි.
එම අවස්ථාවේදී ඡායාරූප ගැනීම හා වීඩියෝගත කිරීමක්ද සිදු කර ඇත. ඡන්දය විමසීමෙන් පසු අරණායක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු හතරදෙනෙක් පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර ඉතිරි සියලුදෙනා විපක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇත.

පසුව එම ස්ථානයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන ඇති අතර පිරිසක් ගුටිබැට හුවමාරුවක් සිදු කරගෙන ඇති බවටද වාර්තා වෙයි.
පසුව ඇමැතිවරුන් දෙපළ එම ස්ථානයෙන් පිටව ගොස් ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon