ත්‍රිරෝද රථ නියාමනයටත් අධිකාරියක්

  👤  3073 readers have read this article !
By mawbima 2019-01-22

දෙනගම ධම්මික රණවීර

ත්‍රිරෝද රථ නියාමනයට අධිකාරියක් පිහිටුවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවැසීය.

ත්‍රිරෝද රථ කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යෑම සඳහා එවැනි අධිකාරියක් තිබීම අත්‍යවශ්‍ය බවද ඒ සම්බන්ධයෙන් ත්‍රිරෝද රථ සංගම් බොහෝ කලක සිට ඉල්ලුම් කරන බවද හෙතෙම කීවේය.

ඒ අනුව 'මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව' ද ඉදිරියේදී අධිකාරියක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු යොදමින් සිටින බව හෙතෙම කීවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon