වකුගඩු රෝගීන්ට පහසුකම් දෙන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක්

  👤  3056 readers have read this article !
By mawbima 2019-01-22

නුවන් හෙට්ටිආරච්චි

වකුගඩු රෝගීන්ට අවශ්‍ය අවම පහසුකම් හෝ ලබා දෙන්නැයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට බල කරමින් නිදහස් සෞඛ්‍ය සේවාවක් සඳහා ජනතා ව්‍යාපාරය හා වකුගඩු රෝග මර්දන ව්‍යාපාරය සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.

සුවපති යැයි කියනා රාජිත සේනාරත්න අද සමාගම්වල අධිපති කෙනෙක්. රටේ වකුගඩු රෝගීන් බෙහෙත් නැතිව මිය යනවා. නමුත් ඔහු රට වටේ යනවා බොරු කියමින්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරයා කියනවා බෙහෙත් තියෙනවා කියලා. නමුත් කොළඹ ජාතික රෝහලේ මේ වන විට වකුගඩු සඳහා ගන්නා කිසිදු බෙහෙතක් නැහැ.

අපි කියන්නේ වකුගඩු සඳහා ප්‍රධාන වශයෙන් භාවිත කරන පෙති දෙවර්ගය ගෙනත් දෙන්න කියලා. වකුගඩු රෝගය බහුල පොළොන්නරුව, අනුරාධපුරය යන රෝහල්වලත් නැහැ. රාජිත සේනාරත්න අමාත්‍යවරයාට මේ දේ කරන්න බැරි ඇයි කියන්න දන්නේ නැහැ. මේ වන විට වකුගඩු රෝගයෙන් විශාල සංඛ්‍යාවක් මිය යනවා. වකුගඩු රෝගීන්ට අවශ්‍ය කරන සියලුම බෙහෙත් ලබා දීම රජය සතු වගකීමක්. වකුගඩු රෝග මර්දන ව්‍යාපාරයේ විධායක කමිටු සාමාජික ටැම්පිටියේ සුගතානන්ද හිමියෝ මෙසේ පැවැසූහ.

අපේ අරගලවල ප්‍රතිඵලය නැති වුණොත් ඊළඟ පියවර කොතැනින් පටන් ගනීද කියන්න බැහැ. අපි නැවත මේ පිළිබඳව අරගල කරනවා.වකුගඩු රෝගය සඳහා සංඛ්‍යා අද බලන්න. සබරගමුව වෛද්‍ය පීඨය විවෘත කරනවා. ඒ අපි සටන් කරලා ලබා ගත්ත දේවල්. ඒ නිසා මේ සභාපතිට විරුද්ධව අපි දිගටම සටන් කරනවා.
ඡායා - අනුරුද්ධ මැදවත්තේගෙදර

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon