අන්තර් සමාජ ප්‍රමුඛ පෙළ ක්‍රිකට් තරගාවලියේදී සචිත්‍ර හා රමිත්ගෙන් තුන් ඉරියව් දස්කම්

  👤  3062 readers have read this article !
By mawbima 2019-01-22

ගමිත දෙහිපිටිය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රමුඛ පෙළ ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටය අරඹමින් පසුගියදා පැවැති තරගවලදී ටැමිල් යූනියන්, කෝල්ට්ස් සහ සී.සී.සී. කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කර ගැනීමට සමත් වූ අතර සැරසන්ස් සහ චිලව් මේරියන්ස් කණ්ඩායම් අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.

ඒ අනුව කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති එස්.එස්.සී. සහ ටැමිල් යූනියන් කණ්ඩායම් අතර තරගයෙන් ටැමිල් යූනියන් කණ්ඩායමට කඩුලු 8ක ජයක් හිමි වූ අතර එම තරගයේදී එස්.එස්.සී. කණ්ඩායමේ සචිත්‍ර සේරසිංහ ද්විත්ව ශතකයක් සමඟින් ටැමිල් යූනියන් කණ්ඩායමට එරෙහිව දෙවැනි ඉනිමේදී ලකුණු 48ට කඩුලු 5ක් දවාගත්තේය. තවද එම තරගයේදී එස්.එස්.සී. පළමු ඉනිම සුනු විසුනු කරමින් ලකුණු 89කට කඩුලු 5ක්ද, හතරේ පහර 10ක් සහ හයේ පහර 10ක් සමඟින් පන්දු 96කදී වේගවත් ලකුණු 124ක් ලබාගැනීමට රමිඑත් රඹුක්වැල්ල සමත් වී තිබිණි.

කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා යුද හමුදා සහ සී.සී.සී. කණ්ඩායම් අතර තරගයෙන් සී.සී.සී. කණ්ඩායමට කඩුලු 6ක ජයක් හිමි විය. එහිදී යුද හමුදා පළමු ඉනිමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මලින්ද පුෂ්පකුමාර ලකුණු 106කට කඩුලු 6ක් දවාලූ අතර සී.සී.සී. නායක අශාන් ප්‍රියන්ජන් පළමු ඉනිමේදී ලකුණු 180ක් රැස්කරගැනීම කැපී පෙනිණි. යුද හමුදාවේ දුෂාන් විමුක්ති සී.සී.සී. පළමු ඉනිමේදී ලකුණු 135කට කඩුලු 6ක් දවාලීය.

ලකුණු සාරාංශ

එස්.එස්.සී සහ ටැමිල් යූනියන් අතර තරගය
එස්.එස්.සී. පළමු ඉනිම _ (පන්දුවාර 86.1කදී සියල්ලන් දැවී) ලකුණු 321 (කෞෂාල් සිල්වා 65, ධම්මික ප්‍රසාද් 50, රමිත් රඹුක්වැල්ල 89/5)
ටැමිල් යූනියන් පළමු ඉනිම _ (පන්දුවාර 133.3කදී සියල්ලන් දැවී) ලකුණු 536 (සචිත්‍ර සේරසිංහ 204, රමිත් රඹුක්වැල්ල 124,
ආකාෂ් සේනාරත්න 73/4)
එස්.එස්.සී. දෙවැනි ඉනිම - (පන්දුවාර 88.2කදී සියල්ලන් දැවී) ලකුණු 304 (සඳුන් වීරක්කොඩි 68, ක්‍රිෂාන් ආරච්චිගේ 54, සචිත්‍ර සේරසිංහ 48/5)
ටැමිල් යූනියන් දෙවැනි ඉනිම _ (පන්දුවාර 11.3කදී කඩුලු 2කට) ලකුණු 90 (ළහිරු මිලන්ත 43, සචිත්‍ර සේරසිංහ නොදැවී 25, ධම්මික ප්‍රසාද් 23/1)
ශ්‍රී ලංකා යුද හමුදා සහ සී.සී.සී. අතර තරගය
යුද හමුදා පළමු ඉනිම _ (පන්දුවාර 105.3කදී සියල්ලන් දැවී) ලකුණු 295 (ලක්ෂාන් එදිරිසිංහ 61, මලින්ද පුෂ්පකුමාර 107/6)
සී.සී.සී. පළමු ඉනිම - (පන්දුවාර 123.5කදී සියල්ලන් දැවී) ලකුණු 464 (අශාන් ප්‍රියන්ජන් 180, වනිදු හසරංග 97, දුෂාන් විමුක්ති 135/6)
යුද හමුදා දෙවැනි ඉනිම - (පන්දුවාර 91.3කදී සියල්ලන් දැවී) ලකුණු 306 (හිමාෂ ලියනගේ 72, සන්ජක රිද්ම 61, මලින්ද පුෂ්පකුමාර 113/3)
සී.සී.සී. දෙවැනි ඉනිම - (පන්දුවාර 24.3කදී කඩුලු 4කට) ලකුණු 143 (වනිඳු හසරංග 60)
සැරසන්ස් සහ චිලව් මේරියන්ස් අතර තරගය
සැරසන්ස් පළමු ඉනිම _ (පන්දුවාර 165.1කදී සියල්ලන් දැවී) ලකුණු 524 (ප්‍රමෝද් මධුසංක 217, ගමිඳු කණිෂ්ක 109, නිෂාන් විමුක්ති 92/4)
චිලව් මේරියන්ස් පළමු ඉනිම _ (පන්දුවාර 87.5කදී සියල්ලන් දැවී) ලකුණු 312 (යශෝධ ලංකා 109, ඕෂධ ප්‍රනාන්දු 65, හරීන් වීරසිංහ 90/5)
චිලව් මේරියන්ස් දෙවැනි ඉනිම _ (පන්දුවාර 98කදී සියල්ලන් දැවී) ලකුණු 329 (ඕෂධ ප්‍රනාන්දු 105, රිසිත් උපමාල් 72)
නිගම්බු සී.සී. සහ රාගම අතර තරගය
නිගම්බු සී.සී. පළමු ඉනිම _ (පන්දුවාර 130.2කදී කඩුලු 9කට) ලකුණු 474 (ලසිත් කෘස්පුල්ලේ 157, ප්‍රසන්න ජයමාන්න 122, සන්ජය චතුරංග 38/4)
රාගම පළමු ඉනිම _ (පන්දුවාර 138කදී කඩුලු 8කට) ලකුණු 397 (සන්ජය චතුරංග 112, සුපේශල ජයතිලක 90, රොෂේන් ප්‍රනාන්දු 69/4)
බදුරලිය කණ්ඩායම සහ
ශ්‍රී ලංකා වරාය අධිකාරි අතර තරගය
බදුරලිය පළමු ඉනිම _ (පන්දුවාර 119කදී කඩුලු 9කට) ලකුණු 473 (දෙනුවන් රාජකරුණා 117, කෝසල කුලසේකර 108, ඉමේෂ් උදයංග 125/5)
වරාය අධිකාරි පළමු ඉනිම _ (පන්දුවාර 95.3කදී සියල්ලන් දැවී) ලකුණු 348 (අදීෂ නානායක්කාර 101, ඉමේෂ් උදයංග 66, අලංකාර අසංක 83/6)
බදුරලිය දෙවැනි ඉනිම _ (පන්දුවාර 51කදී කඩුලු 7කට) ලකුණු 284 (සාලින්ද උෂාන් 91,
ළහිරු සමරකෝන් 51)

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon