රන් හා මුදල් සෙවූ අට දෙනා ලක්ෂ 30ක් වටිනා ස්කෑනරය සමඟ දැලේ

  👤  3086 readers have read this article !
By mawbima 2019-01-22

කොළඹ-එම්.සී. පෙරේරා

කොටි සංවිධානයෙන් වළ දැමූ බව කියන රත්රන් හා මුදල් සොයා මඩු ප්‍රදේශයේ මාවිල්ලු රක්ෂිතයේ කැණීම් කරමින් සිටි අට දෙනකු පෙරේදා (20දා) පරයානකුලම් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වී ඇත.

ඔවුන් සමඟ ස්කෑන් යන්ත්‍රයක් හා උදලු, සවල් ආදියද පොලිසිය භාරයට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට කිලෝමීටර් අටක් පමණ අෑතින් වූ මාවිල්ලු රක්ෂිතයට පුද්ගලයන් පිරිසක් පෙරේදා (20දා) අලුයම් කාලයේ ඇතුළු වූ බවට එම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව සිදු කළ වැටලීමේදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවැසීය.

වළ දමන ලදැයි පවසන රත්රන් සහ මුදල් සොයා පරීක්ෂා කිරීම සඳහා ඔවුන් රැගෙන එන ලද ගෝල්ඩ් හන්ටර් නමින් හඳුන්වන ස්කෑන් යන්ත්‍රය රුපියල් ලක්ෂ 30ක් පමණ වටිනා එකක් බවත් ජර්මනියේ නිෂ්පාදිත එම යන්ත්‍රයෙන් මීටර් තිස් පහක් භූගතව හා මීටර් 2,000ක් ඉදිරියට පොළොව යට තිබෙන දෑ පෙන්නුම් කරන බව පොලිස් නිලධාරියකු පැවැසීය.

අත්අඩංගුවට ගත් පිරිස අතර මුස්ලිම් ජාතිකයන් හතර දෙනකු හා සිංහල ජාතිකයකු සිටින බවත් ඔවුන් අනුරාධපුරය-මැදවච්චිය හා වවුනියාව පදිංචි වයස අවුරුදු 25-55 අතර පසුවන්නන් බවත් පොලිසිය කියයි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ ජේ‍යෂ්ඨ අණදෙන නිලධාරි ජේ‍යල්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ඒ. ලතීෆ්, වවුනියාව කලාප අණදෙන නිලධාරි පොලිස් අධිකාරි ප්‍රටි්‍රක් සිල්වා, මන්නාරම ප්‍රධාන අණදෙන නිලධාරි සහකාර පොලිස් අධිකාරි කේසර රත්නවීර මහත්වරුන්ගේ උපදෙස් මත පරයානකුලම් අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක ජීවක බණ්ඩාර, උප පොලිස් පරීක්ෂක විමලරත්න, කේ.එම්. අනුරසිරි සැරයන් සුබසිංහ (14255), ජීවානන්ද (8786), නිමල් (53488), ආනන්ද (53454), චන්දන (32533), පොලිස් කොස්තාපල් ජයසිංහ (13563), ප්‍රියන්ත (39611) මහත්වරුන් විසින් පරීක්ෂණ පවත්වන ලදී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon