දමිළ සන්ධානයේ අනුමැතියකින් තොරව කැබිනට් එකට අද කිසිදු තීරණයක් ගන්න බැහැ

  👤  3147 readers have read this article !
By mawbima 2019-01-22

දමිළ සන්ධානය පළාත් සභා මැතිවරණ කල් දැමීමේ වැඩපිළිවෙළට සහාය දක්වන්නේ ව්‍යාජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වැඩපිළිවෙළ මඟින් ඡන්ද පදනම සකසා ගන්නා තෙක් පමණක් බවත් දමිළ සන්ධානයේ අපේක්ෂාවන් සැලකිල්ලට ගන්නේ නැතිව පැරණි ක්‍රමයට මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව පියවර ගත යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් පැවැසීය.

දමිළ සන්ධානයට යට නොවී දමිළ සන්ධානයේ අපේක්ෂා ඉටු කිරීමේ අධිෂ්ඨානයකින් තොරව ආණ්ඩුව කටයුතු කළ යුතු බවද ඒ මහතා පෙන්වා දෙයි. ඊයේ (21දා) බත්තරමුල්ල නෙළුම් මාවතේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මෙසේද කීය.

අපි දැන් පැහැදිලි වැඩපිළිවෙළකට අවතීර්ණ විය යුතුයි. හිටපු මහ ඇමැතිවරුන් වන උතුරු මැද පළාත් සභාවේ එස්.එම්. රංජිත් හා සබරගමු පළාත් සභාවේ මහීපාල හේරත් මහත්වරු ශේ්‍රෂ්ඨාධිකරණයට යන්න තීරණය කර තිබෙනවා. මේ සතියේ අපේ නීතිඥවරු සමඟ නඩුව ගොනු කිරීමේ කටයුතු ක්‍රමානුකූලව සිදුකරමින් තිබෙනවා. මේ පළාත් දෙකේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන්න කියලා ශේ්‍රෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටීමටයි මොවුන් පියවර ගන්නේ.

මැතිවරණ කොමිසමේ සභාපති කිව්වා බළලාට ගෙජ්ජිය බැඳීම වෙන කවුරු හරි කළොත් හොඳ බව. මාර්ක් ප්‍රනාන්දු විනිසුරුතුමාගේ නඩු තීන්දුවක් වන වරුණ කරුණාතිලකට එරෙහිව දිසානායක කියන නඩුවේදී ශේ්‍රෂ්ඨාධිකරණය කිව්වා යථා කාලයේ මේ රටේ මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්ගේ සෘජු වගකීමක් බව. ඒ අයට අවශ්‍ය නිදහස, ස්වාධීනත්වය, මූල්‍ය ප්‍රතිපාදන ලබාදීලා තියෙනවා. ජනතාවගේ සර්වජන ඡන්ද බලය ක්‍රියාත්මක කිරීමේ වගකීම තියෙන්නේ කොමිසමටයි. එහෙම තියෙද්දීත් ගෙජ්ජිය වෙන කෙනෙක්ට බඳින්න කියනවා නම් අපි ඒකටත් සූදානම්. ඒ නිසයි අපි ශේ්‍රෂ්ඨාධිකරණයට යන්න තීරණය කළේ.

ආණ්ඩුව පැවැති ඡන්ද ක්‍රමය වෙනුවට අලුත් ඡන්ද ක්‍රමයක් ස්ථාපිත කළා. අනතුරුව ක්‍රමවේදයක් ඇරැඹුවත් අලුත් ක්‍රමයක් ආදේශ කිරීමේ ඒ වැඩපිළිවෙළ චේතනාන්විතව මඟහැරියා. අලුත් ඡන්ද ක්‍රමයක් ගෙන ඒමේ ක්‍රියාමාර්ගය දැන් අවසානයි. එහෙම නම් පැවැති ක්‍රමය අනුව මැතිවරණ පැවැත්වීමට විධිවිධාන සැලැස්විය යුතුයි. ඒ නිසයි අපි රජයට බලකරන්නේ පැවැති ක්‍රමයට මැතිවරණය පැවැත්වීමේ සරල සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා. මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරය දැරූ කාලයේ ඒ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය දුන්නා. ඒ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම විතරයි ඉතිරි. මේ වෙද්දී දමිළ සන්ධානයේ ඡන්ද පදනම 35%කින් කඩා වැටිලා තියෙන්නේ. ඔවුන්ගේ එකම අරමුණ ඡන්ද පදනම සකස් කර ගැනීමයි. එක රැයකින් අපිට ආණ්ඩුව වෙනස් කරන්න පුළුවන් කියලා වරක් සුමන්තිරන් කිව්වා. දමිළ සන්ධානයේ අනුමැතියකින් තොරව කැබිනට් එකට කිසිදු තීරණයක් ගන්න බැහැ.

පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන
වත්මන් මහ බැංකු අධිපති මේ ආණ්ඩුව ගැන කතා කරනවා. රටේ ආර්ථික තත්ත්වය ගැන ඔහු කියන්නේ ආර්ථියට මරු පහරක් එල්ල වෙලා තියෙනවා කියලයි. රටේ ආර්ථිකය ගැන මීට වඩා සහතිකයක් දෙන්න කෙනෙක් නැහැ.

අපි අහන්නේ වික්‍රමසිංහ මහත්තයෝ, මංගල සමරවීර මහත්තයෝ අපිට උත්තර දෙන්න. මේ අවුරුදු හතරේ ගත්ත වාණිජමය ණයවලින් ඔබ කළ එක කර්තව්‍යයක් ගැන. අඩුම තරමේ තලබෝල කොම්පැණියක්වත් දැම්මද? දැන් කියනවා මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැතිකම ගත්ත නිසාලු ආර්ථිය කඩා වැටුණේ.

වියදම් කරන්න මුදල් නැති නිසා ඩොලර් බිලියන දෙකක බැඳුම්කරයක් නැවත නිකුත් කරන්න සූදානම් වෙනවා. මේ ටික අරන් මැතිවරණයට මුහුණ දෙන්න හදන්නේ.

ඉෂාරා සිල්වා

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon