වෛද්‍යවරුන් නොමැතිකමින් බළන්ගොඩ හා ඇහැළියගොඩ රෝහල් වැසීයෑමේ තත්ත්වයක්

  👤  3084 readers have read this article !
By mawbima 2019-01-22

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

තම දිස්ත්‍රික්කයට අයත් ප්‍රධාන රෝහල් ද්විත්වයක් වන ඇහැළියගොඩ සහ බළන්ගොඩ රෝහල් වෛද්‍යවරුන් නොමැතිකම හේතුවෙන් වැසී යෑමේ තත්ත්වයක් උදාවී ඇතැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා පැවැසීය.

ඇහැළියගොඩ රෝහලේ වෛද්‍යවරුන් හිඟකම හේතුවෙන් එම රෝහල වෙත එන රෝගීන් විශාල පිරිසකින් 70 දෙනකුට පමණක් ප්‍රතිකාර කර ඉතිරි පිරිස හරවා යවන බවද හෙතෙම පැවැසීය.

වෛද්‍යවරුන් නොමැතිකම හේතුවෙන් බළන්ගොඩ රෝහලේ දැඩි සත්කාර ඒකකය මේ වනවිට වසා දමා ඇතැයිද රටේ සෞඛ්‍යපති යැයි කියාගන්නා රාජිත සේනාරත්න පුරසාරම් කීම පසෙක දමා මෙම ගැටලුවලට විසඳුම් ලබා දිය යුතු යැයිද නානායක්කාර මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon