ව්‍යවසායකයන්ට සහය දෙන අන්තර්ජාතික සමුළුවක් 28 සහ 29 දිනයන්හි කොළඹදී

  👤  3081 readers have read this article !
By mawbima 2019-01-22

පහන් විජේසේකර

පරිසරය, තිරසර පැවැත්ම සහ සමාජ වෙනස සඳහා කැපවුණු ව්‍යවසායකයන්ට සහාය ලබාදෙන ලංකා සෝෂල් වෙන්චර්ස් ආයතනය, බි්‍රතාන්‍ය කවුන්සිලය සහ කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශයේ අනුග්‍රහය යටතේ අන්තර් ජාතික සමුළුවක් මේ මස 28 සහ 29 දිනයන්හි කොළඹදී පැවැත්වීමට නියමිතය. දෙවැනි වරටත් පැවැත්වෙන මෙම සමුළුවේ මෙවර තේමාව වන්නේ 'සමාජ ව්‍යවසාය සහ සමාජ මූල්‍යය' යන්නයි. බත්තරමුල්ල වෝටර්ස් එජ්හිදී පැවැත්වෙන මෙම සමුළුවේ ප්‍රධාන දෙසුම පවත්වනු ලබන්නේ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසිනි.

සමාජ ව්‍යවසාය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ඇති දේශකයන්ද, රාජ්‍ය, රාජ්‍ය නොවන සහ පෞද්ගලික අංශ නියෝජනය කරමින් විශාල පිරිසක් මීට එක් වීමට නියමිතය. ඕස්ට්‍රේලියානු සමාජ ව්‍යවසායකයන්ගේ සංවිධානයේ ප්‍රධාන විධායක ඩේවිඩ් බෘෘක්ස්, ගුණජය පදනමේ සභාපති කුෂිල් ගුණසේකර, සමාජ මූල්‍ය උපදේශක චන්දුල අභයවික්‍රම, බි්‍රතාන්‍ය කවුන්සිල මණ්ඩලයේ සමාජ ව්‍යවසාය උපදේශක ටි්‍රස්ටන් ඒස්, කුඩා පරිමාණ කෘෂිකර්ම මහයෝගිතා ව්‍යාපෘති අධ්‍යක්ෂිකා ආචාර්ය යසන්තා මාපටුන, ලෝක සාධාරණ වෙළෙඳ සංවිධානයේ ප්‍රධාන විධායක චරිෆ්සහන්, එක්සත් රාජධානිය සෝෂල් එන්ටර්ප්‍රයිස් කළමනාකරණ අධ්‍යක්ෂිකා ලුසී ෆින්ඩ්ලේ යන මහත්ම මහත්මීහුද එහිදී දේශනා පවත්වනු ඇත.

ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයන්ට ව්‍යාපාර ආරම්භ කිරීම සහ ප්‍රවර්ධනය කිරීම, ජාත්‍යන්තර හා දේශීය වෙළෙඳපොළ අත්පත් කර ගැනීම සහ සමාජ ව්‍යවසාය සඳහා මූල්‍ය සම්පාදනය කර ගන්නා ආකාරය පිළිබඳව මෙම සමුළුවේදී සාකච්ඡාවට බඳුන් වේ. රාජ්‍ය නොවන ක්‍ෂේත්‍රයෙන් බි්‍රතාන්‍ය කවුන්සිලය, කැනේඩියානු ලෝක විශ්වවිද්‍යාල සේවය, කුඩා පරිමාණ කෘෂිකාර්මික ව්‍යාපාරයේ නිෂ්පාදන සහ ගුඩ් මාර්ක්ට් සංවිධානය මේ සමුළුවට දායක වනු ඇත. ලංකා සෝෂල් වෙන්චර්ස් ආයතනය ව්‍යවසායකයන්ට ව්‍යාපාර සංවර්ධනයට, ව්‍යාපාර ප්‍රවර්ධනයට සහ උපකාර ලබාදීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන්නකි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon