පළාත් සභා ඡන්ද පැවැත්විය යුතු යැයි ජනපති මාධ්‍ය ඉදිරියේ කරන පම්පෝරිය නතර කළ යුතුයි

  👤  1037 readers have read this article !
By mawbima 2019-01-17

අනුරාධා හේරත්

පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු යැයි ජනාධිපතිවරයා මාධ්‍යයට ප්‍රකාශ කළත් එය පැවැත්වීමට බාධාවක් වී ඇත්තේ ආණ්ඩුවම බව ජවිපෙ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් පවසයි.

එම මැතිවරණය පැවැත්වීමට තාක්ෂණික
බාධාවක් ඇති බව පවසන මන්ත්‍රිවරයා 'මව්බිම'ට සඳහන් කළේ පැරැණි හෝ අලුත් මැතිවරණ ක්‍රමයට වහාම පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට තම පක්ෂය බල කර සිටින බවයි.

ඒ සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීම ආණ්ඩුවේ වගකීමක් බව පෙන්වා දෙන ඒ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිවරණය පැවැත්විය යුතු යැයි මාධ්‍ය ඉදිරියේ පම්පෝරි ගැසීම නැවැත්විය යුතු බවද කීය.

සම්මත වී ඇති නව ඡන්ද ක්‍රමයට ඡන්දය පවත්වනවා නම් සීමානිර්ණ කොමිෂන් සම්මත කරගත යුතු බවත් පැරැණි ක්‍රමයට යනවා නම් එය පාර්ලිමේන්තුවේ යෝජනාවකින් සම්මත විය යුතු බවත් පැවැසූ ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඡන්ද ක්‍රමය කුමක් වුවත් වහාම මැතිවරණය පැවැත්විය යුතු බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon